⋆ මුල් මාස 1-1 1/2 ක් කාලය තුලදී 5kgකට පමණ වැඩි බර එසවීම නොකල යුතුය.
⋆ දවසකට කිහිප වරක් විනාඩි 10-15ක් පමණ ඇවිදීම.
⋆ ශල්‍යකර්මය කල ස්ථානයේ කැක්කුම එන්නේනම් සියළුම ක‍්‍රියාකාරිත්ව නවතා විවේකයෙන් සිටිය යුතුය.
⋆ කැස්ස ඇතිවුවහොත් උදරයේ ශල්‍යකර්මය කල ස්ථානය කොට්ටයකින් තදකර ගත යුතුය. මෙම ක‍්‍රමය මඟින් පසු කාලීනව ශල්‍යකර්මය නිසා වූ තුවාලය ආශ‍්‍රිතව එන හර්නියා තත්වයන් පාලනය කල හැකිය.
⋆ වෛද්‍යවරයා/භෞතික චිකිත්සකවරයා විසින් කියාදෙනු ලබන ස්වසනය කිරීමේ ව්‍යායාම ක‍්‍රම නිවසේදී නොකඩවා කල යුතු අතර එමඟින් ස්වසන රෝග ඇතිවීම අවම කරයි.
⋆ වෛද්‍යවරයා විසින් නියම කරන ඖෂධ නියමිත මාත‍්‍රාව නියමිත වේලාවටම ගත යුතුය. (විශේෂයෙන් කැක්කුම් සඳහා දෙනුලබන ඖෂධ)
⋆ දුම්බීම / මධ්‍යසාර ගැනීම නොකල යුතුය.
⋆ නොකඩවා වෛද්‍යවරුන් නියමකරන පරිදි සායනයට සහභාගී වීම හා අදාල පරීක්‍ෂණ කල යුතුය.
⋆ ශල්‍යකර්මයට අදාල කැපුම ආශ‍්‍රිත වේදනාව, සැරව ගැලීම, උණ ඇතිවූ අවස්ථා වලදී.
⋆ වේදනා නාශක ඖෂධ වලට වේදනාව අඩු නොවේ නම්
⋆ නොනවතා කැස්ස ඇතිවේනම්
⋆ නියම කරන ලද පරිදි ආහාර ගැනීමේ අපහසුතාවයක් ඇතිනම් (විශේෂයෙන් ගිලීමේ අපහසුවක්)
⋆ ආහාර ගැනීමෙන් පසු වමනය යන්නේ නම්
⋆ නිදාගැනීමේ දී උගුරේ දැවිල්ල ගතියක් ඇතිවේනම්
⋆ නිතර නිතර වැසිකිලි යාමට අවශ්‍ය වන්නේ නම් (සති 2-3 කට වඩා පවතින)