ආමාශයේ ඇතිවන පිලිකා ( Gastric Cancer)

ආමාශයේ පිලිකාවලට ගොදුරු වීමට වැඩිපුර අවදානමක් ඇත්තේ කුමන හේතුන්ද?

ආමාශයේ ඇතිවන පිලිකා ශ‍්‍රී ලංකාවේ තරමක් අඩුවෙන් වාර්ථා වුවද මෑතක සිට එම තත්වය බහුලව දැකිය හැක. මීට ප‍්‍රධාන හේතුවක් ලෙස ගන්නා ආහාර වල වෙනස් වීම දැක්විය හැක. උදා: ක්‍ෂණික ආහාර

මීට අමතරව
- දුම්පානය
- ආමාශයේ ඇති විෂබීජ තත්වයන් (Helicobactor Pylori)
-
තම පවුලේ උදවියට ආමාශයේ පිලිකා තත්වයන් තිබීම.
- ආමාශ බිත්තියේ දීර්ඝ කාලීනව තිබිය හැකි ආසාදන තත්වයන් (Chronic gastritis)

මෙහිදී ඇතිවිය හැකි රෝග ලක්‍ෂණ මොනවාද?

- උදරයේ ඇතිවන වේදනාව
- නිතරම උදරය පිරී තිබෙන්නාක් සේ දැනීම.
- මලපහ තාරකළු පැහැයක් ගැනීම.
-
නිතර නිතර උගුරට ඒම.
- කෑම ප‍්‍රියතාව සැලකිය යුතු ලෙස අඩුවීම.
-
කෑම ඉතා ස්වල්පයක් ගත්තද උදරය පිරුණු ලෙස දැනීම.
- ශරීරයේ ඇතිවන දුර්වලතාව හා සැලකිය යුතු ලෙස බර අඩුවීම.

මෙවැනි රෝග ලක්‍ෂණ මතුවූවහොත් වහාම වෛද්‍යවරයකු මුණගැසිය යුතුය.

මේ සඳහා කරණු ලබන පරීක්‍ෂණ මොනවාද ?

එන්ඩොස්කොපි පරීක්‍ෂණයක් මඟින් මෙවැනි තත්වයන් පහසුවෙන් හඳුනාගත හැක.

මෙවැනි තත්වයක් ඇති වූ විට ඇති ප‍්‍රතිකාර මොනවාද?

ආමාශය සම්පූර්ණයෙන් හෝ මූලික අවස්ථාවේ හඳුනාගතහොත් කොටසක් හෝ ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරීම කල යුතුය.
විකිරණ ප‍්‍රතිකාර හා කීමෝතෙරපි ප‍්‍රතිකාර ක‍්‍රමය සමහර අවස්ථාවලදී විශේෂයෙන් ශල්‍යකර්මයකින් ඉවත්කිරීමට නොහැකි තත්වයටම පැතිර අවස්ථාවේ පමණක් භාවිතා කෙරේ.

ආමාශයේ පිලිකාවකට ප‍්‍රතිකාර කිරීමෙන් පසු කුමක් සිදුවේද?

ආමාශයේ පිලිකා මූලික අවස්ථාවේ හඳුනාගත හොත් ශල්‍යකර්මයක් මඟින් සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකි අතර එය වඩා පැතිරුණු අවස්ථාවක් නම් ප‍්‍රතිඵලය එතරම් සාර්ථක නොවේ.

මෙය වලක්වා ගත හැක්කේ කෙසේද?

- දුම්පානයෙන් වැලකීම
-පලතුරු එළවළු සහිත සාමාන්‍ය ආහාර ගැනීම. කෘතිම ආහාර ගැනීම හැකි පමණ අඩුකිරීම.
-උදරයේ දැවිල්ල, උගුරට ඒම ආදියට දීර්ඝ කාලයක් නොසිට ප‍්‍රතිකාර ගැනීම.

ලිපිය පළකල දිනය Article uploaded on: 19/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු