පත්තියන් ආහාර

පත්තියන් ආහාර යනුවෙන් අදහස් කරන්නේ මොනවාද ?

සාමාන්‍ය ජනවහරේ පත්තියන් ආහාර යනුවෙන් අදහස් කරන්නේ යම් රෝගී අවස්ථාවකදී, ආහාරයට ගත් විට පහසුවෙන් ශරීරයට අවශෝෂණය වීම මෙන්ම ශරීරයට හොඳ පෝෂණයක් දෙන ආහාර වර්ග වේ.
එසේම උදරයේ දැවිල්ල, ආමාශයේ තුවාල, බඩ පිපීම ආදී අවස්ථා වගේම ශල්‍යකර්මයකට පසු ආහාර ගැනීම නියම කිරීමෙන් පසුවද පත්තියන් ආහාර ගැනීම යෝග්‍ය වේ.

පත්තියන් ආහාරයක ලක්‍ෂණ මොනවාද?

- ආහාරය මොලොක් වීම.
- තන්තු බහුල නොවීම.
- මිරිස් සැර ගතිය අඩුවීම. (ජනවහරේ තුනපහ අඩුවෙන්)
- තෙල් වලින් බැද ඇති ආහාරයක් නොවීම.
- අමු ආහාර නොවීම. (උදාඃ එළවළු අමුවෙන්)

පත්තියන් ආහාර වලට උදාහරණ මොනවාද?

- පළතුරු යුෂ / එළවළු යුෂ
- කැඳ වර්ග
- පිසින ලද එළවළු
- යොදය අඩු කිරි ආහාර වර්ග
- පාන් (පරළු පාන් නොවේ)
- තැමුබූ මුං / කව්පි /බත්
- බිත්තර / හොඳින් පිසින ලද කුකුල් මස් / මාළු (තෝරු, මෝරු හැර)
පිසීමේ දී තෙල් එක්නොකල යුතුය.

පත්තියන් ආහාර ගැනීමේදී අනුගමනය කළයුතු ක‍්‍රියා මාර්ග මොනවාද?

- මධ්‍යසාර / දුම්බීමෙන් වැලකිය යුතුය.
- පානීය දේවල් වැඩිපුර ගැනීම.
- වරකට සුළු ප‍්‍රමාණ වලින් දවසකට වැඩි වාරගණනකදී ආහාර ගැනීම.
-
ගන්නා ආහාරය ගිලීමට පෙර හොඳින් සැපීමෙන් ජීර්ණය පහසුවේ.
-
ආහාර ගත්ත ගමන්ම නින්දට නොයාම. පැය 2ක් පමණ විවේකීව ගත කිරීම.
- උදරයේ දැවිල්ල වැඩිකරණ ඖෂධ ගැනීමෙන් වැලකීම. විශේෂයෙන් ඇස්ප‍්‍රීන් වැනි පෙති වර්ග /NSAIDS

ලිපිය පළකල දිනය Article uploaded on: 26/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු