ආහාර මාර්ගය ආශ‍්‍රිතව ඇති පණුවන් (Worm Infestation)

රෝගියාගේ රෝගය හැදින්වීම

වයස අවුරුදු 49

රැකියාව කම්කරු



රෝග ලක්ෂණ

මාස හයක පමණ කාලයක සිට උදරයේ ඇතිවන වේදනාව.

උදරය සෑම විටම පිරී ඇති ලෙසක් දැනීම.

කෑම අප‍්‍රිය බව.

උදරයේ දැවිල්ල (ගැස්ට‍්‍රයිටිස්) ඇති සේ සලකා ප‍්‍රථිකාර ගැනීම.

රෝග ලක්ෂණ සමනය නොවීම.

වෛද්‍යවරයා වෙත යොමු වීම.



වෛද්‍යවරයාගේ නිගමනය

ආහාර මාර්ගයේ ඉහල ප‍්‍රදේශයේ කරනුලබන එන්ඩොස්කොපි පරීක්ෂණයක් කිරීමට යෝජනා කිරීම.


එන්ඩොස්කොපි පරීක්ෂණයේදී කරනු ලැබූ නිරීක්ෂණ

කුඩා බඩවැල් පටන් ගන්නා ප‍්‍රදේශයේ මෙන්ම ආමාශය ආශ‍්‍රිතවද පණුවන් සිටීම.

මේ සදහා කරනු ලැබූ ප‍්‍රථිකාර

පණු බෙහෙත් ලබා දීම.

සතියක පමණ කාලයකදී සියලු රෝග ලක්ෂණ පහව යාම.

ලිපිය පළකල දිනය Article uploaded on: 14/07/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු