රාම තෙල් ඇරීම (Belching)

රාම තෙල් ඇරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?

සමහර අවස්ථාවන් වලදී ආහාර ගැනීමෙන් පසු වාතය උගුරට ඇවිත් කටින් පිටකිරීම මෙමඟින් අදහස් කෙරේ.

රාම තෙල් ඇරීම රෝගී තත්වයක් ද?

බොහෝ වේලාවට මෙය සාමාන්‍ය තත්වයක්. ආහාර ගැනීමේදී වාතය ගිලීමක් ද නොදැනීම සිදුවේ. මෙසේ ගිලිනු වාතය නැවත පිටවීම සිදුවේ. තවද බඬේ ඇති අසාත්මිකතා (Gastritis) හා උගුරට ඒම (Gastro oesophageal reflux disease) නිසා රාම තෙල් පිටවීම වැඩිපුර සිදුවිය හැක.

ගෙදරදී ගත හැකි ප‍්‍රතිකාර ක‍්‍රම මොනවාද ?

- පැත්තට හැරී දනිස පපුව දෙසට සිටින සේ ටික වේලාවක් නිදාගෙන සිටීමෙන් මෙය අඩුකරගත හැක.
-
කාබනික පාන වර්ග, චුයින්ගම් ආදිය ගැනීමෙන් වැලකීම.

වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගත යුත්තේ කුමන අවස්ථාවලදීද?

මේ ආකාරයට වාතය පිටවීමට අමතරව බඬේ දැවිල්ල, බඩ පිපීම ආදී අනෙකුත් ලක්‍ෂණ පවතින්නේ නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගත යුතුය.

ලිපිය පළකල දිනය Article uploaded on: 20/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු