ගුද මාර්ගය ආසන්නයේ ඇතිවූ සැරව ගෙඩියකින් සැරව ඉවත් කිරීම (Ano-rectal Abscess Drainage)

රෝගියාගේ රෝගය හැදින්වීම

රෝගියාගේ වයස අවුරුදු 54
ස්ත‍්‍රී පුරුෂ භාවය පුරුෂ

රෝග ලක්ෂණ
ගුද මාර්ගය අවට කැක්කුමක් ඇතිවීම.
වැසිකිලියන විට දැඩි වේදනාවක් ඇති වීම.
ඇගට ඇතිවන පන නැති ගතිය හා එදිනම හවස ඇති වූ තද උණගතිය
වෛද්‍ය උපදෙස් පැතීම.

වෙනත් රෝගී තත්ව
දිය වැඩියාව

කරන ලද පරීක්ෂණ
වෛද්‍යවරයා විසින් කරන ලද පරීක්ෂා කිරීම.
රුධිරයේ සීනි ප‍්‍රමාණය දැන ගැනීමට පරීක්ෂණ සිදු කිරීම.

වෛද්‍යවරයාගේ නිගමනය
ගුද මාර්ගය ආසන්නයේ සැරව ගෙඩියක් ඇති බවත් ඒ සදහා ශල්‍යකර්මයක් කර සැරව ඉවත් කලයුතු බවත් දැන්වීම.

ශල්‍යාගාරය තුල මේ සදහා ගතවු කාලය
විනාඩි 30ක් පමණ

ශල්‍යකර්මයට පසු කාලය
දින දෙකක් රෝහලේ ගත කිරීම.
වේදනා නාශක ඖෂධ හා ප‍්‍රතිජීවක ඖෂධ ලබාදීම.
දිනපතා නෑමට පසු තුවාලය ඇති තැනට බෙහෙත් දැමීම.
තුවාලය සම්පූර්ණයෙන් සුව වීමට සති දෙකක් පමණ ගත වීම.

(සාමාන්‍ය ජනතාව රෝග හා ප‍්‍රථිකාර ක‍්‍රම පිලිබදව දැනුවත් කිරීම සදහා මෙය පටිගත කිරීමට අවසර ලබා දුන් රෝගියාට අපගේ ප‍්‍රණාමය)

ලිපිය පළකල දිනය Article uploaded on: 04/10/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු