ඇපෙන්ඞ්සසිට්ස් (Appendicitis)

ඇපෙන්ඞ්සසිට්ස් නැතහොත් උන්ඩුකපුච්චය යනුවෙන් හදුන්වන්නේ ආහාර මාර්ගයේ කුමන කොටසද?

මහා අන්ත‍්‍රය පටන් ගන්නා ස්ථානයේ පිහිටා ඇති අතේ සුලැගිල්ලක හැඩයෙන් යුත් කොටසක් මෙලෙස හැදින්වේ. එය කුඩා පැසක් ලෙස පවතින අතර මෙමගින් ශරීරයේ කරන්නාවූ නිශ්චිත කාර්ය්‍යක් නොමැත.
නමුත් එහි යමක් හිරවූවිට අග කෙලවරෙහි ඇතිවන්නාවූ ස‍්‍රාවයන් එකතුවී විශාල වීමත් සමග ඇතිවන ආසාත්මික තාවය ඇපෙන්ඞ්සයිට්ස් යනුවෙන් හැදින්වේ.

ඇපෙන්ඞ්සයිට්ස් නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවාද ?

- පෙකනිය ආශි‍්‍රතව හටගන්නා කැක්කුමක් ටිකෙන් ටික උදරයේ දකුණු පැත්තේ කෙලවර දක්වා පැතිරීම.
- පැය කිහිපයක් ඇතුලත කැක්කුම සැලකිය යුතු ලෙස වැඞ්වීම.
- උදරයේ දකුණු පැත්තේ පහල කොටස තදකල විට කැක්කුම වැඞ්වීම.
- වමනය හෝ ඔක්කාරයට ඒම
- උණ ගැනීම.
යන ලක්ෂණ මූලික වශයෙන් ඇතිවේ. නමුත් කැක්කුම ඇතිවන ආකාරය හා තැන රොගියාගේ වයස උන්ඩුකපුච්චය නැතහොත් ඇපන්ඞ්ක්ස් එක පිහිටා තිබෙන ආකාරය ගර්භනී තත්ත්වයක් ආදී කරුනු නිසා විවිධාකාර විය හැක.

වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් පැතිය යුත්තේ කුමන තත්ත්වවලදීද ?

- ඉහත කී රෝග ලක්ෂණ ඔබට ඇත්නම් හා උදරයේ ඇතිවන වේදනාව දරාගත නොහැකි තරමේ එකක් වීම.

ඇපෙන්ඞ්සසිට්ස් ඇතිවීමට හේතු මොනවාද ?

- උන්ඩුකපුච්චයේ යමක් හිරවීමනිසා
උදා: අර්ධ වශයෙන් ජීර්ණය වූ ආහාර, ඝන තත්ත්වයේ වූ අසුචී

- ව්ෂබිජ තත්ත්වයන්
උදා:ආහාර මාර්ගය ආශ‍්‍රිතව ඇතිවන ආසාදිත තත්ත්වයන්, පනුරෝග

ඇපෙන්ඞ්සයිට්ස් නිසා ඇතිව්ය හැකි ව්‍යාකූලතා කවරේද ?

- ඇපෙන්ඞ්ස්ක් එක පුපුරායාම.
- උදරයේ සැරව එකතුවීම.(Absces formation)

මෙම අවස්ථා දෙකේදීම සැලකිය යුතු තරමේ අවධානමක් ඇතිවේ.

මේ සදහා කරනු ලබන පරීක්ෂණ මොනවාද ?

බොහෝ විට වෛද්‍යවරයා විසින් කරනු ලබන පරික්ෂාව මගින් රෝග නිගමනයකට එළඹිය හැක.
- මීට අමතරව තවදුරටත් සනාත කරගැනීමට රුධිර පරීක්ෂා, මුත‍්‍රා පරීක්ෂා කරනු ලැබේ.
- කළාතුරකින් අවස්ථාවක ස්කෑන් පරීක්ෂාව කරනු ලැබේ.

මේ සදහා ඇති ප‍්‍රතිකාර ක‍්‍රම මොනවාද ?

- ශල්‍ය කර්මයක් මගින් මෙය ඉවත් කිරීම ඇති හොදම ක‍්‍රමයයි. ඒ සදහා සමාන්‍යය වශයෙන් කරන උදරයේ දකුණු පැත්තේ පහල කොටසේ කැපුමක් දැමීම මගින් හෝ ලැපරොස්කොපි ක‍්‍රමයට කැමරා ආශි‍්‍රතව මෙය සිදුකල හැක.

සාමාන්‍යයෙන් ශල්‍යකර්මයට පසු දින සිට දින 2-3 දක්වා කාලයක් රෝහලේ ගතකිරීමට සිදුවේ.

නමුත් උදරයේ සැරව එකතුවී ඇති අවස්ථාවල ශල්‍යකර්මයේදී දමනු ලබන බටය ඉවත්කරනු ලබන තුරු රෝහලේ රැදීමට සිදුවේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 30/03/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු