දිවෙහි ඇති වූ පිලිකා තත්වයක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීම

හැදින්වීම

අදාල පුද්ගලයාගේ වයස 48

රෑකියාව ධීවර කර්මාන්තය


රෝගී තත්වයේ ස්වභාවය

අධික ලෙස දුම් පානය

නිතර බුලත්විට සැපීම

දිවෙහි ඉතා කුඩා ප‍්‍රමාණයේ ගැටිත්තක් ඇතිවීම

ක‍්‍රමයෙන් එය විශාල වීම හා ඒ මත තුවාලයක් ඇතිවීම

ක‍්‍රමයෙන් එහි කැක්කුම ඇතිවීම

මුල් තත්වය ඇතිවී මාස 4 කින් පමණ වෛද්‍යවරයෙකු වෙත යොමු වීම


කරන ලද පරීක්ෂණ

අදාල ස්ථානයෙන් කොටසක් ගෙන පරීක්ෂා කිරීම

එය පිලිකාවක් බව තහවුරුවීම

ගෙල ප‍්‍රදේශයේ ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීම

සිටී පරීක්ෂණ සිදුකිරීම

වෛද්‍යවරයා විසින් ශල්‍යකර්මයකින් අදාල කොටස හා ගෙලෙහි වූ කුද්දැටි ඉවත් කිරීමට යෝජනා කිරීම



නිර්විනදන ස්වභාවය

සම්පූර්ණයෙන් සිහිනැතිකරවීම

ශල්‍යකර්මය සදහා ගතවන කාලය
පැය 4ක් පමණ


රෝහලෙන් පිටවීම

මුල් දින කිහිපයේ නාසයෙන් දමන ලද බටයක ආධාරයෙන් ආහාර ලබා දීම

පසුව ක‍්‍රමයෙන් මුඛයෙන් ආහාර ගැනීමට හුරුකරවීම

ගෙල ප‍්‍රදේශයට දැමූ බටය දින 3කදී ඉවත් කිරීම

ශල්‍යකර්මය සිදුකර දින 5කින් පමණ රෝහලින් පිට කිරීම


රෝහලෙන් පිටකරන විට දෙනු ලැබූ උපදෙස්

වේදනා නාශක ඖෂධ හා විෂබීජ නාශක ඖෂධ ගැනීමට උපදෙස් දීම

ශල්‍යකර්මය කරණ ලද ස්ථානයේ රතුවී සැරව ගැලීමක් හෝ දිගටම ඇතිවන කැක්කුමක් ඇත්නම් වහාම රෝහලට පැමිනෙන ලෙස උපදෙස් දීම

සතියකින් සායනයට පැමිණීමට උපදෙස් ලබා දීම

පසුව අවශ්‍ය විකිරණ ප‍්‍රථිකාර සදහා යොමු කිරීම

මාස 3කින් සම්පූර්ණයෙන් යථා තත්වයට පැමිණීම



(විවිධ තත්ව සදහා කරනුලබන ශල්‍යකර්ම ගැන සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමට මෙම ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර දුන් රෝගියාට අපගේ ප‍්‍රණාමය)


Article and Video uploaded on 16/05/2014

ලිපිය පළකල දිනය Article uploaded on: 27/05/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු