ලැපරොස්කොපි ක‍්‍රමයට හර්නියා තත්වයක් යථා තත්වයට පත් කිරීම

රෝගියාගේ රෝගය හැදින්වීම

වයස අවුරුදු - 48

රැකියාව - කම්කරු


රෝග ලක්ෂණ

මාස හයක පමණ කාලයක සිට ඉකිලි ප‍්‍රදේශයේ කැක්කුමක් ඇති වීම

බර ඔසවන විටදී මෙන්ම කහින විටදීද ඉකිලි ප‍්‍රදේශයට ඉහලින් යමක් පිම්බී එනු
නිරීක්ෂණය කිරීම

එහි ප‍්‍රමාණය ක‍්‍රමයෙන් විශාල වීම

වෛද්‍යවරයා වෙත යොමු වීම



වෛද්‍යවරයාගේ නිගමනය

එය ඉකිලි ප‍්‍රදේශයට ඉහලින් දෙපැත්තේම ඇති වූ හර්නියා තත්වයක් බව හදුනා ගැනීම


කරනු ලැබූ පරීක්ෂණ

මේ සදහා විශේෂිත පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනැගුනි

හර්නියා තත්වය ලැපරොස්කොපි ක‍්‍රමයට යථා තත්වයට පත් කිරීමට රෝගියා කැමැත්ත ප‍්‍රකාශ කිරීම


නිර්වින්දන ස්වභාවය

සම්පූර්නයෙන් සිහි නැති කිරීම


ශල්‍යකර්මය සදහා ගතවූ කාලය

විනාඩි 45 ක් පමණ


ශල්‍යකර්මයට පසු කාලය

රෝහලේ ගතකල කාලය දින 1යි

වේදනා නාශක ඖෂධ හා විෂබීජනාශක ඖෂධ දීම


රෝහලෙන් පිටකරන විට දෙනු ලැබූ උපදෙස්

දියවන මැහුම් යොදා ඇතිබැවින් මැහුම් කැපීමක් අවශ්‍ය නොවන බව දැන්වීම

ශල්‍යකර්මය සිදුකරන ලද ස්ථානයේ රතු වීමක් රුධිර ගැලීමක් සැරව ගැලීමක් හෝ උණ ගැනීමක් වූවහොත් වහාම රෝහලට පැමිනෙන ලෙස උපදෙස් දීම

බර වැඩ කිරීමෙන් සති කිහිපයකට ඈත්වන ලෙස උපදෙස් දීම

එක දිගට ඇතිවන කැස්ස හා මලබද්ධය ඇති නම් ඒ සදහා නොපමාව ප‍්‍රථිකාර ගන්නා ලෙස උපදෙස් දීම

දුම් බීමෙන් ඈත් වීමට උපදෙස් දීම


(සාමාන්‍ය ජනතාවට විවිධ රෝගී තත්ව හා ඊට කරනු ලබන ප‍්‍රථිකාර සම්භන්ධව යම් අවබෝධයක් ලබා දීමට මෙම ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ ප‍්‍රණාමය)


Article uploaded on 18/01/2014


ලිපිය පළකල දිනය Article uploaded on: 18/01/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු