වෘෂණයේ ඇතිවූ පිලිකාවක් නිසා වෘෂණය ඉවත් කිරීම

රෝගියාගේ රෝගය හැදින්වීම

වයස අවුරුදු 39

රෝග ලක්ෂණ

මාසයක පමණ කාලයක සිට වෘෂණ කෝෂයේ එකදිගට පවතින සුලු වේදනාවක් තිබීම.

සමහර අවස්ථාවලදී වෘෂණ කෝෂය ඇතුලතින් ඇදෙනවා සේ දැනීම.

සතියක පමණ කාලයක සිට එහි ඇතිවන වේදනාව වැඩිවීමත්, අදාල පැත්තේ වෘෂණය විශාලවී ඇතිබව හදුනා ගැනීම.

වෛද්‍යවරයා වෙත යොමු වීම


වෛද්‍යවරයාගේ නිගමනය

එය වෘෂණයේ ඇතිවී ඇති ගෙඩියක් බවත්, ඊට අමතරව වෘෂණය වටා වතුර වැනි යමක් එකතු වී ඇති බවත් හදුනා ගැනීම.


කරන ලද පරීක්ෂණ

ස්කෑන් පරීක්ෂණය (වෘෂණ කෝෂවල හා උදරයේ)

පපුවේ එක්ස් රේ පරීක්ෂණය

රුධිර පරීක්ෂණය


පරීක්ෂණ වලින් පසු නිගමනය

වෘෂණයේ ඇතිවී ඇති ගෙඩිය පිලිකාවක ලක්ෂණ පෙන්නුම් කරන බැවින් තවදුරටත් සනාථකිරීමට වෘෂණය ශල්‍යකර්මයකින් ඉවත්කල යුතු බව.

රෝගියා ඒ සදහා එකගතාව පලකිරීම.


නිර්වින්දන ස්වභාව්‍ය

කොන්දෙන් පහල ප‍්‍රදේශය හිරිවැට්ටවීම


ශල්‍යකර්මය සදහා ගතවූ කාලය
විනාඩි 30 ක් පමණ


ශල්‍යකර්මයට පසු කාලය

රෝහලේ ගතකල කාලය දින 2යි

වේදනා නාශක ඖෂධ හා විෂබීජනාශක ඖෂධ දීම.


රෝහලෙන් පිටකරන විට දෙනු ලැබූ උපදෙස්

දියවන මැහුම් යොදා ඇතිබැවින් මැහුම් කැපීමක් අවශ්‍ය නොවන බව දැන්වීම.

ශල්‍යකර්මය සිදුකරන ලද ස්ථානයේ රතු වීමක් රුධිර ගැලීමක් සැරව ගැලීමක් හෝ උණ ගැනීමක් වූවහොත් වහාම රෝහලට පැමිනෙන ලෙස උපදෙස් දීම.

ඉවත්කරන ලද ගෙඩියේ පරීක්ෂණ වාර්ථාව ලබා ගැනීමට සති දෙකකින් සායනයට පැමිනීමට උපදෙස් දීම.

පරීක්ෂණ වාර්ථාව අනුව එය පිලිකාවක් බව තහවුරු වීමත් වැඩිදුර ප‍්‍රථිකාර (කීමොතෙරපි හා විකිරණ ප‍්‍රථිකාර) සදහා යොමු කිරීම.


(සාමාන්‍ය ජනතාවට විවිධ රෝගී තත්ව හා ඊට කරනු ලබන ප‍්‍රථිකාර සම්භන්ධව යම් අවබෝධයක් ලබා දීමට මෙම ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ ප‍්‍රණාමය)


Article uploaded on 28/12/2013


ලිපිය පළකල දිනය Article uploaded on: 27/12/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු