අර්ශස් අමාරුව ඇති රෝගියෙකුගේ අර්ශස් ගෙඩි ශල්‍යකර්මයකින් ඉවත් කිරීම (Hemorrhoidectomy)

රෝගියාගේ රෝගය හැදින්වීම

රෝගියාගේ වයස අවුරුදු 48
රක්ෂාව රියදුරු

රෝග ලක්ෂණ

වැසිකිලියන විට ගුදමාර්ගයෙන් එලියට ගෙඩියක් මතුවීම

මලපහකිරීමේ අවසාන භාගයේදී රුධිර වහනයක් වීම

මලපහ කිරීමෙන් පසු එම ගෙඩි එලෙසම එලියට විත් තිබීම හා මද වේදනාවක් ඇතිවීමත්

තවදුරටත් ගුදමාර්ගයේ මලපහ ඉතිරිව ඇති ලෙස දැනීම

නැවත ගෙඩි ගුදය තුලට යැවීමට ඇගිලිවලින් තල්ලුකලයුතුවීම

මෙම රෝග ලක්ෂණ වරින් වර වසර ගනනක් තිස්සේ උත්සන්න වීම හා එක්වරක් වසර දෙකකට පමණ පෙර අර්ශස් ගෙඩි සදහා එන්නත් මගින් ප‍්‍රථිකාර කර තිබීම


කරනු ලැබූ පරීක්ෂණ

මේ හා සම්භන්දව කලාතුරකින් පිලිකා තත්ව ඇතිවිය හැකි බැවින් එය සැක හැර දැනගැනීම සදහා සිග්මොයිඩොස්කොපි පරීක්ෂණයක් සිදුකිරීම


වෛද්‍යවරයාගේ යෝජනාව
මේ සදහා ප‍්‍රථිකාර ක‍්‍රම බොහොමයක් ඇතිබවත් සාමාන්‍ය රෝහල්වල ඇති පහසුකම් යටතේදී සරල ශල්‍යකර්මයක් යෝග්‍යබව දන්වා සිටීම

ඇති අනෙකුත් ක‍්‍රම ලෙස
ලේසර් ප‍්‍රථිකර්මය
THD ප‍්‍රථිකර්මය ආදී නොයෙකුත් ක‍්‍රම ඇතිබව රෝගියාට දැන්වීමත් එම ක‍්‍රම වියදම් අධික වීමත් සාමාන්‍යයෙන් රෝහල්වල මෙම ප‍්‍රථිකර්ම ක‍්‍රම නොමැති බවත් දැන්වීම

බොහෝවිට මෙම කවර ක‍්‍රමයෙන්ද අවසාන ප‍්‍රථිපලවල සැලකිය යුතු වෙනසක් නැතිබව දැන්වීම


රෝගියාගේ ඉල්ලීම
සමාන්‍යයෙන් රෝහල්වලදී කරනු ලබන සරල ශල්‍යකර්මයක් මගින් අර්ශස් ගෙඩි ඉවත්කරන ලෙස ඉල්ලා සිටීම

නිර්වින්දන ස්වභාවය
කොන්දෙන් පහල ප‍්‍රදේශය හිරිවැට්ටවීම මගින්

ශල්‍යකර්මයට සාමාන්‍යයෙන් ගතවන කාලය
විනාඩි 30 ක් පමණ

ශල්‍යකර්මයට පසු කාලය
වේදනා නාශක ලබා දීම

වැසිකිලියාම පහසු වීමට ඖෂධ ලබාදීම

පසුදින රෝහලින් පිටකිරීම



රෝහලින් පිටකරනවිට දුන් උපදෙස්

නියමකරන ලද වේදනා නාශක පෙති ගැනීම

ශල්‍යකර්මය කරනලද ස්ථානයේ කැක්කුමක් හෝ සැරව ගැලීමක් වුවහොත් වහාම රෝහලට වාර්තා කල යුතු බව

වැඩිපුර එලවලු පලතුරු ආහාරයට ගතයුතුබවදැන්වීම

වැඩිපුර ජලය පානය කරන ලෙස උපදෙස් දීම

මලපහකිරීමේ ඉරියව් ගැන අවබෝධයක් ලබාදීම


(සාමාන්‍ය ජනතාව විවිධ රෝග හා ඊට දෙනුලබන ප‍්‍රථිකාර ගැන දැනුවත් කිරීම සදහා මෙම ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ ප‍්‍රණාමය)


ලිපිය පළකල දිනය Article uploaded on: 19/10/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු