එන්ඩොස්කොපි ක‍්‍රමය මගින් ආහාර මාර්ගයේ ඉහල ප‍්‍රදේශය පරීක්ෂා කිරීම (Endoscopy )

රෝගියාගේ රෝගය හැදින්වීම

රෝගියාගේ වයස- අවුරුදු 38

රක්ෂාව - කාර්යාල සහායක

රෝග ලක්ෂණ
මාස 6 ක් පුරාවට උදරයේ ඇතිවන දැවිල්ල
විටින් විට බඩ දැවිල්ල සමනය සදහා ඖෂධ ගැනීම

වෛද්‍යවරයාගේ නිගමනය
එන්ඩොස්කොපි ක‍්‍රමය මගින් ආහාර මාර්ගයේ ඉහල ප‍්‍රදේශය පරීක්ෂා කල යුතු බව

පරීක්ෂණය සදහා සූදානම
පරීක්ෂණය කිරීමට පැය 6 කට පමණ පෙර සිට ආහාර පාන ගැනීමෙන් වැලකීම

නිර්වින්දන ස්වභාවය
උගුර ප‍්‍රදේශය හිරිවැට්ටවීමට දියරමය ද‍්‍රව්‍යක් ඉසිනු ලැබේ.
විනාඩි 2 - 3කදී උගුර හිරි වැටීම සිදු වේ.

පරීක්ෂණය ඉවර වී පැයක් දෙකක් යනතුරු උගුරෙ හිරි ගතිය තිබෙන නිසා එම තත්වය මගහැරෙනතුරු ආහාරපාන ගැනීමෙන් වැලකිය යුතුය.
එසේ නොවුනහොත් ආහාර පාන පිටඋගුරෙ ගොස් පෙනහලුවලට ඇතුලු වී නොයෙකුත් ව්‍යාකූලතා ඇතිකල හැක.

පරීක්ෂණය ඉවරවූ වහාම නිවස බලා යා හැක




සාමාන්‍ය ජනතාවට රෝගී තත්වයන් සහ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සඳහා ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ විශේෂ ස්තූතිය

ලිපිය පළකල දිනය Article uploaded on: 09/07/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු