පියයුරෙහි වූ පිලිකාමය නොවන විශාල ගෙඩියක් ඉවත් කර පියයුර නැවත සැකසීම

රෝගියාගේ රෝගය හැදින්වීම

රෝගියාගේ වයස අවුරුදු 26 (අවිවාහක)
රක්ෂාව ලිපිකරු

රෝග ලක්ෂණ
- පියයුරෙහි ඉතා කුඩාවට ගැටිත්තක් හට ගැනීම
- වසර කිහිපයක් එය නොසලකා හැරීම හා එය ක‍්‍රමයෙන් විශාල වීම
- අදාල පියයුර අනෙකට වඩා බරින් වැඩි බව තේරෙන්නට පටන් ගැනීම
- අනෙකුත් කිසිම රෝග ලක්ෂණයක් ඇති නොවීම

කරනු ලැබූ පරීක්ෂණ
ස්කෑන් පරීක්ෂණය
- 15cm x10cm ප‍්‍රමානයේ ගෙඩියක් ඇති බව
- පිලිකාමය ලක්ෂණ නොමැති බව

FNAC
පරීක්ෂාව
-
පිලිකාමය නොවන ගෙඩියක් බව

වෛද්‍යවරයාගේ තීරණය
- ගෙඩිය ඉවත් කල යුතු බව

ඒ සදහා ඇති ක‍්‍රම ලෙස

1. ගෙඩිය ඉවත් කිරීම පමණක් කලහැකි බවත් එමගින් එක් පියයුරක් අනෙකට වඩා සැලකිය යුතු ලෙස කුඩාවන බව දැන්වීම

2. පියයුරහි වූ ගෙඩිය ඉවත්කර එම අඩුව පිරවීමට පිට ප‍්‍රදේශයෙන් මාoශ පේශියක් ගෙන නැවත පියයුර සකසා එම අසමාන බව නැතිකලහැකි බව දැන්වීම

රෝගියාගේ ඉල්ලීම
-
ගෙඩිය ඉවත්කර පියයුර සැකසීම කරන ලෙස ඉල්ලීම

අනෙකුත් රෝග නැත

නිර්වින්දන ස්වභාවය
-
සම්පූර්ණයෙන් සිහිනැතිකිරීම

ශල්‍යකර්මය සදහා ගතවු කාලය පැය 2 විනාඩි 30 පමණ

ශල්‍යකර්මයට පසු කාලය
- බට ඉවත් කිරීම තෙවන දිනයේදී
-
රෝහලින් පිටකරීම පස්වන දිනයේදී
- දින 5ක් යන තුරු විෂබීජනාෂක ඖෂධ ලබාදීම

රෝහලින් පිටකරනවිට දුන් උපදෙස්
- නියමකරන ලද වේදනා නාශක පෙති ගැනීම
- දියවන මැහුම් යොදා ඇති බැවින් මැහුම් කැපිය යුතු නොවන බව
- ඉවත්කරන ලද ගෙඩියේ පරීක්ෂණ වාර්තාව ලැබුනු වහාම සායනයට පැමිනිය යුතු බව
- ශල්‍යකර්මය කරනලද ස්ථානයේ රතු වීමක් කැක්කුමක් හෝ සැරව ගැලීමක් වුවහොත් වහාම රෝහලට වාර්තා කල යුතු බව
- උරහිසට හා අතට දුන් උපදෙස් අනුව ව්‍යායාම කලයුතු බව

----------------------------------------------------------
සාමාන්‍ය ජනතාවට රෝගී තත්වයන් සහ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සඳහා ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ විශේෂ ස්තූතිය
----------------------------------------------------------

ලිපිය පළකල දිනය Article uploaded on: 13/06/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු