කොන්ද ප‍්‍රදේශයට එන්නතක් දී ඉන් පහළ ප‍්‍රදේශය නිර්වින්දනය කිරීම.

කොන්ද ප‍්‍රදේශයට එන්නතක් දී ඉන් පහළ ප‍්‍රදේශය නිර්වින්දනය කිරීම.

මෙම ක‍්‍රමය බොහොමයක් පෙකනියෙන් පහළ කරන ශල්‍යකර්ම සඳහා භාවිතා කෙරේ.
උදාහරණ
1.
හර්නියා
2. කකුල්වල සිදුකරන ශල්‍යකර්ම
3. ගුදය ආශ‍්‍රිතව කරන ශල්‍යකර්ම (අර්ශස් ගෙඩි)
4. සිසේරියන් සැත්කමකින් දරුවා බිහිකිරීම
5. LRT
6.
ලිංගය ආශ‍්‍රිතව කරන ශල්‍යකර්ම

මෙහි ඇති විශේෂත්වය වනුයේ
1.
ශල්‍යකර්මය සිදුකරන අවස්ථාවේ සිහියෙන් සිටීම.
2. ශල්‍යකර්මය සිදුකරන අවස්ථාවේ කිසිම වේදනාවක් නොදැනෙනමුත් ශල්‍යකර්මය සිදුකරන බව දැනීම.
3. එන්නත් කිරීමෙන් පැය 6ක් පමණ යනතුරු කකුල් එසවීම හෝ සෙලවීමට නොහැකි වීම.
4. එන්නත් කිරීමෙන් පැය 8ක් පමණ යනතුරු කිසිම වේදනාවක් නොදැනීම.

මෙම ක‍්‍රමයේ ඇති ව්‍යාකූලතා
-
ඉතාමත් කලාතුරකින් රුධිර පීඩනය තාවකාලිකව අඩුවිය හැකිවීම.
- තාවකාලිකව මුත‍්‍රා අඩස්සිය ඇතිවිය හැකිවීම.


මෙම ක‍්‍රමයේ වාසි
- සම්පූර්ණ නිර්වින්දනය කිරීමට වඩා ව්‍යාකූලතා අවම වීම.
-
ශල්‍යකර්මයට පසු සුපුරුදු පරිදි ආහාර පාන ගැනීමට හැකිවීම.
-
ශල්‍යකර්මයෙන් පසු කැක්කුම අවම වීම.
----------------------------------------------------------
සාමාන්‍ය ජනතාවට රෝගී තත්වයන් සහ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සඳහා ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ විශේෂ ස්තූතිය

ලිපිය පළකල දිනය Article uploaded on: 03/06/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු