ලැපරොස්කොපි ක‍්‍රමයට ඇපෙන්ඩිසයිටිස් ඇති රෝගියෙකුගේ ඇපෙන්ඩික්ස් එක ඉවත්කිරීම

ලැපරොස්කොපි ක‍්‍රමයට ඇපෙන්ඩිසයිටිස් ඇති රෝගියෙකුගේ ඇපෙන්ඩික්ස් එක ඉවත්කිරීම

රෝගියාගේ වයස - අවු. 24
ස්ත‍්‍රී පුරුෂ භාවය - පුරුෂ
රක්‍ෂාව - ගුරුවෘත්තිය

රෝග ලක්‍ෂණ
- පෙකිනිය අවට කැක්කම ඇති වීම.
- පසුදින දී එම කැක්කුම උදරයේ දකුණු පස පහළ කොටස දක්වා පැතිරීම හා උණ ඇතිවීම.
- මීට අමතරව ඔක්කාරයට ඒම හා දිවෙහි යමක් බැදී ඇති සේ දැනීම.
- උදරය තද කරන විට කැක්කුම වැඩිවීම


පරීක්‍ෂණ
- මුත‍්‍රා පරීක්‍ෂණය
ප‍්‍රථිඵලය : ප්‍රශ්ණයක් නැති බව
- රුධිර පරීක්‍ෂණය
සුදු රුධිරාණු ඉතා වැඩි අගයක් ගැනීම(18000)


වෛද්‍යවරයාගේ නිගමනය
ඇපෙන්ඩිසයිටිස් ඇති බව

අනෙකුත් රෝගී තත්ව - නැත

ශල්‍ය කර්මය
ඇපෙන්ඩික්ස් එක ඉවත්කිරීම (කැපුමක් යොදා හෝ ලැපරොස්කොපි ක‍්‍රමයට)

රෝගියාගේ ඉල්ලීම
ලැපරොස්කොපි ක‍්‍රමයට ඇපෙන්ඩික්ස් එක ඉවත් කිරීම


නිර්වින්දන ස්වභාවය
සම්පූර්ණයෙන් සිහිනැති කිරීම.

ශල්‍යකර්මයට ගතවූ කාලය
විනාඩි 45යි

ශල්‍යකර්මයට පසු
රෝහලේ ගතකල කාලය පැය 24යි.

රෝහලින් පිට කරන විට දුන් විශේෂ උපදෙස්
-
උදරයේ කැක්කුම ඇතිවීම හෝ උණ ඇතිවීම වැනි අවස්ථා වලදී වහාම රෝහලට වාර්ථා කල යුතු බව
- ආහාර සුපුරුදු පරිදි ගැනීම.
- දෙන ලද ඖෂධ වර්ග උපදෙස් දුන් ආකාරයට නොවරදවා ගැනීම.
----------------------------------------------------------
සාමාන්‍ය ජනතාවට රෝගී තත්වයන් සහ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සඳහා ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ විශේෂ ස්තූතිය
----------------------------------------------------------

ලිපිය පළකල දිනය Article uploaded on: 01/06/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු