රෝගියාගේ වයස - අවු. 3
ස්ත‍්‍රී පුරුෂ භාවය - ස්ත‍්‍රී
රෝග ලක්‍ෂණ
- නළල ප‍්‍රදේශයේ ඉතා කුඩාවට රතු පැහැති ගෙඩියක් හට ගැනී තිබීම.
- දින තුනකින් එය විශාල වීම හා උණ ගැනීම.
- දෙමාපියන් විසින් ඒ මත විවිධ තෙල් වර්ග ආලේප කර එය පුපුරා යන තෙක් දින කිහිපයක් බලා සිටීම.
- දරුවාගේ උණ උත්සන්න වී මලානික වීම.
වෛද්‍ය නිගමනය
- සැරව පිරුණු ගෙඩියක් බව
යෝජිත ප‍්‍රථිකර්මය
- හැකි ඉක්මනින් නිර්වින්දනය කර ගෙඩියෙහි සැරව ඉවත් කිරීම හා ප‍්‍රථිජීවක ඖෂධ දීම
ශල්‍ය කර්මය
- සැරව ඉවත් කිරීම හා සේලයින් වලින් ගෙඩිය ඇතුළත හොඳින් සෝදා හැරීම.
- කැපුම විවෘතව තබා දිනපතා දින කිහිපයක් බෙහෙත් දැමීම.
රෝහලේ සිටි කාලය
- දින 6
සැළකිය යුතු කරුණ
මෙය දෙමව්පියන්ගේ නොසැළකිලිමක් කම නිසා ජීවිත අවධානමකට ලක් වූ අවස්ථාවකි.
----------------------------------------------------------
සාමාන්‍ය ජනතාවට රෝගී තත්වයන් සහ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සඳහා ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් දරුවාගේ පියාට අපගේ විශේෂ ස්තූතිය
----------------------------------------------------------