පිත්තාශය ලැපරොස් කොපි ක‍්‍රමයට ඉවත් කිරීම .

රෝගියාගේ රෝගය හැඳින්වීම.

රෝගියාගේ වයස - අවු. 44
ස්ත‍්‍රී පුරුෂ භාවය - ස්ත‍්‍රී
රක්‍ෂාව - නැත

රෝග ලක්‍ෂණ
- උදරයේ ඉහල කොටසේ ඇතිවන දැවිල්ලක ස්වභාවය
- ආහාර ගෙන විනාඩි 20ක් පමණ යනවිට ඇතිවන කැක්කුම පැය කිහිපයක් යනතුරු එකම ආකාරයට තිබීම.
-
තෙල් ආහාර ගත්විට කැක්කුම තව තවත් උග‍්‍රවීම.

යෝජිත පරීක්‍ෂණ
- එන්ඩොස් කොපි පරීක්‍ෂණය
එමඟින් ආමාශයේ ප‍්‍රශ්ණයක් නැති බව නිගමනය කිරීම.
-
ස්කෑන් පරීක්‍ෂණය
පිත්තාශයේ ගල් ඇතිබව තහවුරු කිරීම.

යෝජිත ප‍්‍රතිකාරය
- පිත්තාශය ඉවත් කිරීම.
කැපුමක් මඟින් හෝ ලැපරොස් කොපි ක‍්‍රමයට
- රෝගියාගේ ඉල්ලීම
ලැපරොස් කොපි ක‍්‍රමයට පිත්තාශය ඉවත් කිරීම.

රෝහල් ගතවීම
- පෙරදින ඇතුළුවීම.
නිර්වින්දනය කිරීම සඳහා අවශ්‍ය පරීක්‍ෂණ සිදුකිරීම

නිර්වින්දන ස්වභාවය
- සම්පූර්ණ නිර්වින්දනය

ශල්‍යකර්මය සඳහා ගතවූ කාලය
-
පැය 1 1/2

රෝහලේ ගතකල කාලය
- පැය 48

රෝහලින් පිටකරන විට දුන් උපදෙස්
-
උදරයේ අසාමාන්‍ය වේදනාවක් හෝ උණ ගැනීමක් සිදුවුවහොත් වහාම රෝහලට පැමිණිය යුතු බව
-
තෙල් අධික ආහාර ගැනීම අවම කල යුතු බව
- මුල් කාලයේදී වරකට කුඩා ප‍්‍රමාණ වලින් වැඩි වාර ගණනක් ආහාර ගැනීම.
-
අනෙකුත් රෝග තත්ව මනා පාලනය කර ගැනීම.
-
සතියකින් සායනයට පැමිණිය යුතු බව

----------------------------------------------------------
සාමාන්‍ය ජනතාවට රෝගී තත්වයන් සහ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සඳහා ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ විශේෂ ස්තූතිය
----------------------------------------------------------

ලිපිය පළකල දිනය Article uploaded on: 18/05/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු