රෝගියාගේ වයස - අවු. 48
ස්ත‍්‍රී පුරුෂ භාවය - පුරුෂ
රක්‍ෂාව - ගොවිතැන
රෝග ලක්‍ෂණ
- මාස 3ක් පුරාවට උදරයේ වම් පැත්තේ පහළම කෙලවරට ඇතිවන වේදනාව
- හවස් වන විට වේදනාව වැඩිවීම.
- කහින විට හා බර ඔසවන විට එම ස්ථානය පිම්බී ඉහළට එසවීම
- සති 3ක සිට එක දිගට ඇතිවන වේදනාව
වෛද්‍යවරයාගේ නිගමනය
- හර්නියා ( Inguinal Hernia)
අනෙකුත් රෝගි තත්ව
- නැත
පරීක්‍ෂණ
- නැත
ශල්‍යකර්මය
- කැපුමක් යොදා හර්නියාව සැකසීම
- මෙහිදී දැලක් භාවිතා කිරීම.
නිර්වින්දනය
- හිරිවැට්ටවීම මඟින් (කොන්දෙන් පහළට)
ශල්‍යකර්මයෙන් පසු රෝහලේ සිටි කාලය
- පැය 24
ශල්‍යකර්මයෙන් පසු කාලය සඳහා දෙනු ලබූ උපදෙස්
- කැක්කුමට දෙනු ලබන පෙති ගැනීම.
- සති 3ක් පමණ යනතුරු සුළු බර පවා එසවීමෙන් වැලකීම.
- කැස්ස, මලබද්ධය වැනි තත්ව වලට ඉක්මනින් ප‍්‍රථිකාර ගැනීම.
- මාස 3ක් පමණ යනතුරු අධික බර එසවීමෙන් වැලකීම
- දුම් පානයෙන් ඈත්වීම.
- කැපුම යෙදු තැන දින 3ක් පමණ යනතුරු නොතෙමීම.
- කැපුම යෙදු තැන කැක්කුම, රතුවීමක් හෝ සැරව ගැලීමක් වුවහොත් වහාම රෝහලට වාර්ථා කලයුතු බව
----------------------------------------------------------
සාමාන්‍ය ජනතාවට රෝගී තත්වයන් සහ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සඳහා ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ විශේෂ ස්තූතිය
----------------------------------------------------------