සිග්මොයිඩොස් කොපි පරීක්‍ෂණය (Sigmoidoscopy)

රෝගියාගේ රෝගය හැඳින්වීම

රෝගියාගේ වයස - අවු. 53
ස්ත‍්‍රී පුරුෂ භාවය - පුරුෂ
රක්‍ෂාව - කම්කරු

රෝග ලක්‍ෂණ
- ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම.
- කාලය මාස 3ක්

වෛද්‍යවරයාගේ නිගමනය
- අර්ශස් අමාරුව

යෝජිත පරීක්‍ෂණය
- සිග්මොයිඩොස් කොපි පරීක්‍ෂණය

හේතුව
-
කලාරතුරකින් පිලිකාමය තත්වයක් අර්ශස් අමාරුවක් සේ මතුවිය හැකි වීම

පරීක්‍ෂණය සඳහා සූදානම
- පෙරදිනදී ද්‍රව ආහාර ගැනීම
-
පරීක්‍ෂණයට පැය 1/2කට පමණ පෙර වස්තියක් දීම (Enema)

නිර්වින්දනයේ ස්වභාවය
-
නිර්වින්දනය හෝ නිද්‍රාගත වීමට ඖෂධ ලබානොදේ
-
ගුදය අවට ලිහිසි ගතිය වැඩි කිරීමට හා කැක්කුම අඩුකිරීමට ලිග්නොකේන් ජෙල් ආලේප කෙරේ.

පරීක්‍ෂණයෙන් පසුව නිවස කරා යා හැක.

----------------------------------------------------------
සාමාන්‍ය ජනතාවට රෝගී තත්වයන් සහ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සඳහා ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ විශේෂ ස්තූතිය
----------------------------------------------------------

ලිපිය පළකල දිනය Article uploaded on: 17/05/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු