ඔබ වෛද්‍යවරයෙකු වෙත යොමුවීමේදී සැලකිය යුතු කරුනු

වෛද්‍යවරයෙකු රෝග නිෂ්චයකට එලඹීමේදී

1 රෝගියාගේ රෝග විස්තරය

2 වෛද්‍යවරයා විසින් කරනුලබන පරීක්ෂාව

3 ඒ හා අදාලව කරනු ලබන පරීක්ෂණ යන සියල්ල සැලකිල්ලට ගනු ලැබේ.

මේ අතරින් රෝගියාගේ රෝග විස්තරය ඉතාවැදගත් වන අතර බොහොමයක් පරීක්ෂා කිරීම් හා පරීක්ෂණ ඒ මත තීරණයවේ.

එබැවින් ක‍්‍රමානුකූලව තම රෝගී තත්වය වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් හරියාකාරව නියමිත රෝග නිෂ්චයකට එලඹීමට වෛද්‍යවරයාට හැකිවේ.

වෛද්‍යවරයාගෙන් සීමිත කාලයක් තුල උපරිම අයුරින් ප‍්‍රයෝජන ගත හැක්කේ කෙසේද?

1 තම රෝගී තත්වය පටන් ගැන්මේ සිට විකාශය වු ආකාරය කොලයක කෙටියෙන් සටහන් කර ගැනීම
(උදා මුලින්ම උදරයේ වේදනාව,ඉන් පසු වමනය යාම තුන්වන දිනයේ සිට උණ ගැනීම ආදී ලෙස)
මෙය වයසක පුද්ගලයන්ට ඉතා වැදගත්වේ. ඊට හේතුව වන්නේ ඔවුන්ට රෝගය විකාශය වු ආකාරය අමතක වීමේ සම්භාවිතාව වැඩි බැවින් බොහෝ විට තම රෝගී තත්වය වෛද්‍යවරයාට නිසි ලෙස ඉදිරිපත් කිරීමක් සිදු නොවේ. මෙය අනවශ්‍ය පරීක්ෂණ හා රෝගය හදුනාගැනීමට අනවශ්‍ය කාලයක් ගතවීමට තුඩුදෙනු ඇත.

2 කරනු ලැබූ පරීක්ෂණ ක‍්‍රමානුකූලව ෆයිල් එකක දමා තිබීම. මෙහිදී ඉතා මෑතකදී කරනු ලැබූ පරීක්ෂණ වාර්ථා උඩින්මද පරණ වාර්ථා යටින්මද තැබීම කලයුතුය.
මෙහිදී අනවශ්‍ය ලෙස එකම පරීක්ෂණය නැවත නැවත කිරීම වලකිනූ ඇත. මීට අමතරව වෛද්‍යවරයාට පරීක්ෂණ වාර්ථා පිලිබදව එතරම් කාලයක් වැය කල යුතු නොවේ.

3
මිට කලින් දෙන ලද රෝග නිධාන වාර්ථා එක්ස්-රේ පරීක්ෂණ, සීටී පරීක්ෂණ, සියල්ල රැගෙන යාම. ඒවාද ඉහත ආකාරයට පිලිවෙලට ලගදී ඒවා උඩින්මද පරණ ඒවා යටින්මද සිටින සේ සකසා තිබීම.

4 රෝග කිහිපයකට සායන කිහිපයකට සහභාගීවන්නේ නම් ඒවා සියල්ල රැගෙන යාම.

5 ඖෂධ ලබාගැනීමට දෙන ලද තුන්ඩු හා හැකිනම් ඒත් සමග එම ඖෂධ සාම්පල රැගෙන යාම, ගන්නා ඖෂධ මොනවාදැයි හදුනා ගැනීමට පහසුවක් වනු ඇත.

6 කරගෙන ඒමට දෙන ලද පරීක්ෂණ නියමිත පරිදි කරගෙන සායනවලට සහභාගී වීම.

7 පහසුවෙන් මාරුකල හැකි ඇදුමක් ඇද සිටීම එමගින් පරීක්ෂා කිරීමේදී අනවශ්‍ය කාලය නාස්තිවීම වැලකේ.

8 වයසක පුද්ගලයෙක් නම් හැකි සෑම අවස්ථාවකම තවකෙනෙකු සමග සායනවලට සහභාගාවීම වඩා යහපත්වේ. ඊට හේතුවනනේ වෛද්‍යවරයා විසින් දෙනු ලබන උපදෙස් සියල්ල වයසක පුද්ගලයෙකුට මතක තබාගැනීමේ හැකියාව අඩු බැවිනි.

9 ඉහත ක‍්‍රම පිලිපැදීම මගින් විශේෂයෙන් රෝහල් වල පවතින තදබදය සමග වෛද්‍යවරයා හමුවීමට ලැබෙන කෙටිකාලය තුලදී උපරිම ප‍්‍රයෝජනය ගත හැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 25/07/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු