සමාජ රෝග

සමාජයේ බහුලව දැකිය හැකි සමාජ රෝග මොනවාද?

සමාජයේ කවර තරාතිරමක පුද්ගලයෙකු වුවද සමාජ රෝග වැලදිය හැක. දැනට ලෝකයේ මිලියන ගණනක් පුද්ගලයින් සමාජ රෝග වලින් පෙලෙන අතර ලක්‍ෂ ගණනින් දිනකට අළුතින් සමාජ රෝගීන් එකතු වෙමින් පවතී.
ශ‍්‍රී ලංකාවේ ද මෑතකදී සිට සමාජ රෝගීන් ගණන ඉතා ශ‍්‍රීඝ‍්‍රයෙන් වැඩිවෙමින් පවතී.

සමාජයේ බහුලව දැකිය හැකි සමාජ රෝග
1. ගොනෝරියා
2. හර්පිස්
3. ක්ලැමීඩියා
4. ට‍්‍රයිකොමොනියාසිස්
5. ෂැන්රොයිඞ් (Chanchroid)
6. HIV /
AIDS
7. හෙපටයිටිස් B,C
8. සිපිලිස්
9. පැපිලෝමා විෂබීජ


බොහොමයක් සමාජ රෝග මුලින්ම රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකරන නිසා ඒ කාලය තුලදී එය අනෙකුත් අයට බෝ වීමට ඇති අවධානම වැඩිය. බොහෝ විට ස්ත‍්‍රීන්ගේ රෝග ලක්‍ෂණ මුලින්ම මතුනොවන අතර එම රෝගයෙන් එන බලපෑමද වැඩිය.

ඉතාම වැදගත් කරුණ වනුයේ සෑම විටම සමාජ රෝගයකට සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත පමණක් ඖෂධ ලබාගත යුතු අතර එසේ නොකිරීමෙන් විවිධ ව්‍යාකූලතා ඇතිවිය හැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 19/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු