Herpetic Whitlow

Herpetic Whitlow යනුවෙන් අදහස් කරන්නේ කවර තත්වයක්ද?

අතේ ඇගිලිවල බොහෝ වේලාවට අන්තිම පුරුකේ ඇතිවන සැරව ගෙඩියක් ලෙස මෙය හැදින්විය හැක

මෙය සාමාන්‍යයෙන් Herpes වෛරස් ආසාදනය නිසා ඇතිවන තත්වයකි

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

ඇගිල්ලේ කෙලවර එකවර රතුවීම ඉදිමීම හා අධික කැක්කුම ඇතිවීම මූලික ලක්ෂණ වන අතර දිනක් පමණ ගිය

පසු ඇගිල්ලේ සමට යටින් සුදු පැහැයට බුබුලු ඇතිවීමත් පසුව ඒවා පුපුරා ගොස් එහි වූ දියරය පිටව යාමත් එමගින්

කබලක් සෑදීමත් දැකිය හැක

මෙවැනි තත්වයක් ඇතිවීමට බලපාන සාධක මොනවාද?

හර්පීස් වෛරස් ආසාධනය වීමක් නිසා මෙම තත්වය ඇතිවන අතර මීට කලින් රෝගය ඇතිවූ කෙනෙකුගේ නැවත මතුවීමක් ලෙසද දැකිය හැක
බොහෝ වේලාවට ආසාදිත පුද්ගලයෙක්ගේ අදාල ස්ථානය ස්පර්ෂ වීම නිසා මෙම රෝගී තත්වය බෝ වීමට ඉඩ ඇත

මෙවැනි තත්වයකට ප‍්‍රථිකාර කරනුයේ කෙසේද?

වෛරස් රෝග පාලනය සදහා යොදාගනු Acyclovir වැනි ඖෂධ මේ සදහා නිර්දේශ කරනු ඇත

නමුත් මෙමගින් බලාපොරොත්තු වන ප‍්‍රථිපලය ලැබීමට නම් රෝගය ඇතිවී පලමු පැය 48 තුල පටන්ගත යුතුවේ

මෙම ඖෂධය මගින් රෝගී තත්වය තිබෙන කාලය අඩුකරනු ලබන අතර නැවත නැවත ඇතිවීම වලක්වන්නේ නැත

මීට අමතරව කැක්කුම ඇතිවීම පාලනය කිරීමට වේදනා නාශක නියම කරනු ලබයි

ශල්‍යකර්ම මේ සදහා යෝග්‍ය නොවේ

මෙවැනි රෝගී තත්වයක් ඇති අයෙකු සැලකිලිමත් විය යුතු කරුනු මොනවාද?

ඇගිල්ල තදින් වෙලීම නොකල යුතුය

ඇසේ කාච ( contct lenses ) මාරුකිරීම වැනි දේ නොකල යුතුය

මෙමගින් ඇසට විෂ බීජ ආසාදනය විය හැක

ඇගිල්ලේ ඇති වී ඇති බිබිලි කැඩීම නොකල යුතුය

ලිපිය පළකල දිනය Article uploaded on: 12/05/2016
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු