ශරීරය පුරා ඇතිවන තෙල් ගෙඩි

ශරීරය පුරා ඇතිවන තෙල් ගෙඩි ලෙස හැදින්වෙන්නේ කවර තත්වයක්ද?

මෙය ශරීරයේ මේද පටක ආශී‍්‍රතව ඇතිවන ව්‍යාකූල තත්වයකි

මෙහිදී ශරීරයේ තැනින් තැන විශේෂයෙන් භාහු උදරයේ බිත්තියේ හා පිට ප‍්‍රදේශයේ මෙම ගෙඩි ඇතිවීම දැකිය හැක

හිස ප‍්‍රදේශයේ හා උරස් හන්දි ආශ‍්‍රිතව මෙම තත්වය ඇතිවීම බොහෝ කලාතුරකින් පමණක් දැකිය හැක

මෙය ආරෙට යන තත්වයකි

මෙහිදී ඇතිවය හැකි අතුරු ආබාධ මොනවාද?

ඉතාම කලාතුරකින් කැක්කුම ඇතිවිය හැකි අතර වෙනත් අතුරු ආබාධ ඇතිවීමේ හැකියාව ඉතාම අවම තත්වයක පවතී

මේ සදහා කල හැකි ප‍්‍රථිකාර මොනවාද?

ශල්‍යකර්මයක් මගින් විශාලවූ හා කැක්කුම සහිත ගෙඩි ඉවත් කිරීම කල හැක
සියලුම ගෙඩි ඉවත් කිරීම බොහෝ විට සිදුකිරීම අවශ්‍ය නොවේ

මේ ගෙඩි ආශ‍්‍රිතව පිලිකා තත්ව ඇතිවිය හැකිද?

එවැනි සම්භන්ධතාවයක් ඇතිබවට සොයාගෙන නැත

ලිපිය පළකල දිනය Article uploaded on: 11/08/2015
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු