තට්ටමේ ඉහල ප‍්‍රදේශයේ දාරයේ ඇතිවන සැරව ගෙඩි (Pilonidal Abscess)

Pilonidal Abscess එකක් යනුවෙන් හැදින්වෙන්නේ කවර තත්වයක්ද?

මෙම තත්වය තට්ටම් දෙක අතර ඇති දාරයෙහි ඉහල ප‍්‍රදේශයේ සිට ගුද මාර්ගය දක්වා ඇති ප‍්‍රදේශයේ ඇති වේ.

මෙහිදී සැරව ගෙඩි ඇතිවීමත්, ඒවා පුපුරා යාමත් පසුව නිතර ස‍්‍රාවයන් ගලන කුඩා පැසක් වැනි කුහර (Sinus) සෑදීමත් දැකිය හැක.

මෙවැනි තත්වයන් ඇතිවීමට හේතු මොනවාද?

මේ සඳහා හේතු බොහොමයක් ඇත. මෙහිදී සිදුවන්නේ මෙම තට්ටම් අතර ඇති දාරයේ සෑදෙන රෝම සම තුලට වර්ධනය වීමයි.

එසේ වර්ධනය වීමට බලපාන සාදක කිහිපයකි.

අධික තරබාරුකම

එම ප‍්‍රදේශය තුවාල වීම

වැඩිපුර රෝම වර්ධනය වී තිබීම

දීර්ඝ වේලාවක් දෛනිකව වාඩිවී සිටීම

ඉතා තදට ඇදුම් ඇදීම
දැකිය හැක.

මෙහිදී ඇතිවිය හැකි රෝග ලක්ෂණ මොනවාද?

තට්ටම් දෙක අතර දාරයේ ඇතිවන කැක්කුම
සැරව ගෙඩි ඇතිවීම හා ඒවා පුපුරා සැරව ගැලීම
උණ ගැනීම
සමහර අවස්ථා වලදී මේ ආකාරයේ ලක්ෂණ ඇති නොවී තිබිය හැක.

වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුත්තේ කවර අවස්ථා වලදීද?

සැරව ගැලීමක් ඇති විට

තට්ටම් අතර දාරයේ තද කැක්කුමක්, රතුවීමක් ඇති විට.

මේ සඳහා ප‍්‍රථිකාර කරනුයේ කෙසේද?

සැරව ගෙඩි ඇතිවී ඇත්නම් ඒවා ඉවත් කිරීමත්, විෂබීජ නාශක ඖෂධ ලබා දීමත් කරනු ලැබේ

මෙහිදී ඇතිවී ඇති විෂබීජ තත්වය පැතිරීමේ අවධනමක් ඇත්නම් අදාල ප‍්‍රදේශයේ ශල්‍යකර්මයක් මඟින් සම ඉවත් කිරීම කරනු ඇත.

මෙවැනි තත්වයකදී සමක් බද්ධ කිරීමට අවශ්‍ය වන අවස්ථා ඇත.

මේ සඳහා කරනු ලබන ශල්‍යකර්මය ඇතිවී ඇති තත්වය අනුව ශල්‍යවෛද්‍යවරයා විසින් තීරණය කරනු ලැබේ.

මෙවැනි තත්වයන් ඇතිවීම වලක්වා ගන්නේ කෙසේද?

තට්ටම් දෙක අතර දාරය පිරිසිදුව තබා ගැනීම.

රෝම වැඩිපුර වැවෙන්නේ නම් ඒවා ඉවත් කිරීම

හිරට ඇදුම් ඇදීමේදී සැලකිලිමත් වීම

මූලික රෝග ලක්ෂණ ඇතිවූ වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීම


ලිපිය පළකල දිනය Article uploaded on: 17/01/2015
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු