Polycystic Ovary Syndrome

Polycystic Ovary Syndrome යනුවෙන් හැදින්වෙන්නේ කවර ආකාරයේ රෝගී තත්වයක්ද?

මෙය කාන්තාවන්ට ඇතිවන රෝගී තත්වයකි.

මෙහිදී කාන්තාවන්ගේ මාස් ශුද්ධිය සිදුවීමට ශරීරයේ හෝමෝන සංයුතියට හෘදය වස්තුව හා රුධීරවාහිනී වලට දරුවන් පිලිසිඳ ගැනීමට මෙන්ම ශරීරයේ ස්වාභාවයටද බලපෑම් ඇති කරයි.

මෙම තත්වය ඇති කාන්තාවන්ගේ ඇන්ඩ‍්‍රජන් නැමති හෝර්මෝනයන් ක‍්‍රියාකාරීත්වය වැඩිපුර දැකිය හැකි වුවත් සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ මෙම හෝර්මෝනය ස්වල්ප වශයෙන් නිපදවීම සිදුවේ.

එසේම මාස් ශුද්ධියේ අක‍්‍රමවත් බව හා ඩිම්භ කෝෂවල වතුර ගෙඩි විශාල වශයෙන් සෑදීමද දැකිය හැක.

මෙම තත්වය ඇතිවීමට හේතුව කුමක්ද?

මෙය සාමාන්‍යයෙන් 5% ක පමණ කාන්තාවන්ගේ දැකිය හැකි තත්වයකි.

මේ සඳහා හේතුව හරියාකාරව සොයා ගෙන නැතිමුත් ආරෙට යන අවස්ථා බහුලව දැකිය හැක.

සාමාන්‍යයෙන් මවට සහෝදරියන්ට මෙම තත්වය ඇත්නම් එය ඇතිවීමේ සම්භාවිතාව වැඩිය.

මීට අමතරව තව නොයෙකුත් තත්ව මේ සඳහා හේතුවිය හැක.

මෙහිදී ඇතිවන මූලික ප‍්‍රශ්නය වනුයේ හොර්මොන සමතුලිතතාවයේ ඇතිවන වෙනස්වීමයි.

මෙහිදී වැඩිපුර පිරිමි හෝර්මෝනයන් ( ඇන්ඩ‍්‍රජන් හෝර්මෝනය ) ක‍්‍රියා කාරීත්වය දැකිය හැක.

මෙම හෝර්මෝනය ඩිම්භ කොෂයෙන් ඩිම්භ සෑදීම කෙරෙහි බලපෑම් ඇති කරයි.

මීට අමතරව මෙම Polycystic Ovary Syndrome ඇති කාන්තාවන්ගේ ශරීරයේ ඉනිසියුලීන් හෝර්මෝනය වැඩිපුර ඇති බව සොයාගෙන ඇත. මේ හේතුව නිසාද ශරීරයේ ඇන්ඩ‍්‍රජන් හෝර්මෝනය වැඩිපුර සෑදිය හැකි බවට මත පවතී.

කෙසේ වෙතත් මෙම ඇන්ඩ‍්‍රජන් හෝර්මෝනයේ වැඩි ක‍්‍රියාකාරීත්වය නිසා ඇති විය හැකි අනෙකුත් අයහපත් ප‍්‍රථිඵල වනුයේ

වැඩිපුර කුරුලෑ ඇති වීම.

ශරීරයේ බර වැඩිවීම.

ශරීරය පුරා කෙස් වැඩිපුර වැවීම.

මෙහිදී දැකිය හැකි රෝග ලක්ෂණ මොනවාද?

දරුවන් පිලිසිද ගැනීමට බාධා ඇති වීම. මෙය දරුවන් පිලිසිඳ නොගැනීමට බලපාන ප‍්‍රධානතම කාරණය වේ.

මාස් ශූද්ධියේ අක‍්‍රමවත් බව

ශරීරය පුරා කෙස් වැවීම

ඩිම්භ කෝෂ වල වතුර ගෙඩි ඇතිවීම

සමේ තෙල් ගතිය වැඩිවීම

කුරුලෑ වැඩිපුර ඇති වීම.

බෙල්ල වටේ, කිහිලි හා ඉකිලි ප‍්‍රදේශයේ සම කළු වීම.

යටිබඬේ වේදනාව

මානසික ආතතිය
අධික ලෙස නින්දේදී ගෙරවීම

Polycystic Ovary Syndrome නිසා මාස් ශුද්ධියට බලපෑම් ඇති වන්නේ කෙසේද?

කාන්තාවන්ගේ ඩිම්භ කෝෂවල ඩිම්භ සෑදීම සිදුවන අතර මුලදී මෙම ඩිම්භ මෝරන තෙක් ඒවා තරලයකින් පිරුණු පැසකින් වටවී ඇත.

මෙම ඩිම්භ මේරීමෙන් පසු මෙම පැස පැස බිදී මේරූ ඩිම්භය එලියට විත් පැලෝපීය නාලය දිගේ ගර්භාෂය කරා පැමිනේ.

මෙය සාමාන්‍ය ක‍්‍රියාවලියයි.

නමුත් Polycystic Ovary Syndrome ඇති කාන්තාවන්ගේ මෙසේ ඩිම්භ මෝරා තරලය පිරී පැස පුපුරා එලියට ඒමක් සිදුනොවේ.

මීට හේතුව වන්නේ ඒ සඳහා අවශ්‍ය හෝර්මෝන සමතුලිත බව නොමැති වීමයි.

මෙහිදී තරලය පිරී ගෙඩි ඇතිවීම සිදුවන අතර ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය සෑදීමට මෙම තරලය පිරී කොටස පුපුරා ඩිම්භ එලියට ආ යුතුය.

නමුත් එවැන්නක් සිදුනොවන බැවින් ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය හරියාකාරව සෑදෙන්නේ නැත. මාස් ශූද්ධි ක‍්‍රියාවලියට මෙම ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය අත්‍යවශ්‍ය වේ.

මෙවැනි තත්වයක් හදුනාගත හැක්කේ කෙසේද?

ඉහත කී ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගත හැක.

එහිදී වෛද්‍යවරයා පරීක්ෂා කර බලා ස්කෑන් පරීක්ෂණ හා රුධිර පරීක්ෂණ වලට යොමු කරනු ඇත. එමඟින් එවැනි තත්වයක් නිශ්චිතවම හදුනාගත හැක.

Polycystic Ovary Syndrome තත්වයක් සඳහා කෙසේ ප‍්‍රථිකාර කරනු ලබයිද?

මෙහිදී සැලකිය යුතු කරුන වනුයේ මෙය නිට්ටාවට සුව කල නොහැකි තත්වයකි.
නමුත් ප‍්‍රථිකාර මඟින් මෙහිදී ඇතිවන ව්‍යාකූලතා අවම කරගත හැක.
මේ සඳහා
ශරීරයේ බර අඩුකර ගැනීම, ව්‍යායාම කිරීම, වැඩිපුර සීනි භාවිතයෙන් ඈත් වීම.
එමගින් මෙම ඡුඣී තත්වයකදී වැඩිපුර ඇතිවිය හැකි දියවැඩියාව, හෘද රෝග වැනි තත්වයන් අවම කරගත හැක.

උපත් පාලන පෙති භාවිතය
දරු ඵල අපේක්ෂා නොකරන කාන්තාවන් සඳහා මෙම ප‍්‍රථිකාරය භාවිතා කරයි. එහිදී හෝර්මෝන සමතුලිතතාව ආරක්ෂා කර මාස් ශුද්ධිය සෑදීම සිදුකරයි. එමගින් මුහුනේ කුරුලෑ වැඩිපුර ඇතිවී ඇත්නම් අඩු වීමක්ද සිදුවේ.

දරුඵල අපේක්ෂා කරන කාන්තාවන් සඳහා ඩිම්භ කෝෂ වලින් ඩිම්භ නිදහස් කිරීම උත්තේජනය කරන ප‍්‍රථිකාර දෙනු ලබයි.
උදා - Clomiphene ( ක්ලොමිෆීන්)
මෙට්ෆෝමීන් :(Metformine)
ගොනැඩොට්‍රොෆීන් හෝර්මෝනය
මෙහිදී නිවුන් දරුවන් ඇතිවීමේ හැකියාවද වැඩිවිය හැක.

ශල්‍යකර්ම සිදු කිරීම.
මෙහිදී ඩිම්භ කෝෂයේ සිදුරු සෑදීම කරයි. (Ovarian Drilling) එමගින් ඩිම්භ කෝෂ වලින් ඩිම්භ නිදහස් වීම පහසු වීමක් අපේක්ෂා කරයි.
ඖෂධ ප‍්‍රථිකාර වලින් ප‍්‍රතිඵලයක් නොලැබුනේ නම් මෙවැනි ප‍්‍රතිකාරයකට යොමුවේ.

ශරීරයේ වැඩිපුර කෙස් වැවී ඇත්නම්
ඇන්ඩ‍්‍රජන් හෝර්මෝනයේ ක‍්‍රියාකාරීත්වය අඩුකිරීමට ඖෂධ ලබා දේ නමුත් දරුඵල බලාපොරොත්තු වන අයට මෙම ඖෂධ සුදුසු නොවිය හැක.

Polycystic Ovary Syndrome ඇති කාන්තාවක් ගැබ් ගැනීමක් සිදු වුවහොත් ඇතිවිය හැකි ව්‍යාකූලතා මොනවාද?

මූලික අවස්ථාවේදීම දරු ඵලය නැතිවීම

දියවැඩියා තත්ව ඇතිවීම ( ගර්භනී කාලයේදී )

ගර්භනී කාලයේ දී රුධිර පීඩනය වැඩිවීම.

කලින් දරුවා බිහි කිරීම. ( Premature Delivary)

Polycystic Ovary Syndrome ඇති කාන්තාවන්ට ඇතිවිය හැකි රෝග තත්ව මොනවාද?

දියවැඩියාව

හෘදය වස්තුව ආශ‍්‍රිත ව්‍යාකූලතා

අධික රුධිර පීඩනය

අධික කොලොස්ටරෝල් තත්වය

නින්දේදී ඇතිවන ස්වසන අපහසුතාවය

මානසික ආතතිය.

ලිපිය පළකල දිනය Article uploaded on: 04/01/2015
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු