කුඩා දරුවන්ගේ මලබද්ධය ඇතිකිරීමට හේතුවන Hirschprung's Disease

Hirschprung's Disease යනුවෙන් හැදින්වෙන්නේ කවර රෝගී තවයක්ද?

මෙය මහා ආන්ත‍්‍රය ආශ‍්‍රිතව ඇතිවන රෝගී තත්වයකි මෙහිදී මහාඅන්ත‍්‍රයේ සෑදෙන අසූචි ඉදිරියට තල්ලු කිරීමට ක‍්‍රමාකංචන ක‍්‍රියාවලියට හේතුවන ස්නායු පද්ධතියේ සිදුවන අසාමාන්‍ය පිහිටීමක් හේතුවේ
මේ හේතුව නිසා මහා අන්ත‍්‍රයේ මලපහ ඉදිරියට තල්ලු නොවී එකතුවී ඝණවීම සිදුවේ

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

මලබද්ධය ඇතිවන ප‍්‍රධාන රෝග ලක්ෂණය වේ
සාමාන්‍යයෙන් මෙහිදී ඉපදුන මුල් දවසේ සිටම මලබද්ධය ඇතිිිවිම දැකිය හැක
ඉපදී ප‍්‍රථම වරට මලපහ පිටවීම සාමාන්‍යයෙන් මුල් පැය 48 කදී පමණ සිදුවූවත් මෙම රේගී තත්වය යටතේ එය දින කිහිපයක් දක්වා කල්ගත විය හැක
මීට අමතරව
දුඹුරු කොලපැහැයකට හුරු වමනය යාම
උදරය පිපීම ඇතිවන තවත් රෝලක්ෂණ වේ
මෙහි උග‍්‍ර අවස්ථාවලදී ගුදමාර්ගයෙන් දියර ස්වභාවයකින් රුධිරය මිශ‍්‍රවූ මලපහ පිටවීම සිදුවිය හැක

මෙම රෝගී තත්වය නිශ්චය කරන්නේ කෙසේද?

මූලිකවම රෝග ලක්ෂණ හා පරීක්ෂණ මගින් නිර්ණයකට එලෙඔ්
එක්ස් රේ පරීක්ෂණ හා ගුදමාර්ගනේ ලබා ගන්නා බයොප්සී පරීක්ණයක් මගින් රෝග නිශ්චයකට පැමිනේ

මේ සදහා ඇති ප‍්‍රථිකාර මොනවාද?

මේ සදහා ඇති ප‍්‍රථිකාරය වනුයේ ඉහත සදහන්කල ආකාරයට ක‍්‍රමාකුංචනයට වැදගත්වන ස්නායු හරිහැටි වැඩී නැති මහ බඩවැලේ කොටස ඉවත්කර නැවත බඩවැල් කොටස් දෙක එකට හාකිරීමයි

ලිපිය පළකල දිනය Article uploaded on: 07/12/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු