පිරිමින්ගේ පියයුරු විශාල වීම(Gynecomastia)

පිරිමින්ගේ පියයුරු විශාලවීමක් ලෙස හැදින්වෙන්නේ කවර තත්වයක්ද?

මෙය හෝමෝනවල බලපෑමක් මත ඇතිවන තත්වයකි.

මෙහිදී එක් පියයුරක් හෝ පියයුරු දෙකම විශාලවීමක් ලෙස ඇතිවිය හැක.

මෙසේ හෝමෝන ප‍්‍රමාණ වෙනස්වීමට හේතු මොනවාද?

ශරීරයේ ඇති ටෙස්ටස්ටෙරෝන් නැමැති හෝමෝනයේ ප‍්‍රමාණය ඊස්ට‍්‍රජන් හෝමෝනයේ ප‍්‍රමාණයට වඩා සාපේක්ෂව අඩුවීමක් නිසා මෙවැනි තත්ව ඇති වේ.

මෙවනි තත්ව ඇතිවීමට හේතු ලෙස

සාමාන්‍ය වැඩීමත් සමග වන හෝමෝන වෙනස්වීම්

(පිරිමි දරුවන්ගේ වැඩිවියට පත්වීමත් සමගම වන හෝමෝන වෙනස්වීම නිසා මෙන්ම මහලු වයසේදී ඇතිවන හෝමෝනවල වෙනස් වීම නිසාද මෙම තත්වය ඇතිවිය හැක)


සමහර ඹෟෂධ දීර්ඝ කාලීනව ගැනීම
(උදා පුරස්ථ ග‍්‍රන්ථි පිලිකා සදහා දෙනු ලබන ඖෂධ, හෘදයවස්තුව ආශ‍්‍රීත රෝග සදහා දෙනු ලබන ඖෂධ ,ගැස්ට්‍රයිටිස් තත්ව සදහා දෙනු ලබන සමහර ඖෂධ)

අධි ප‍්‍රමාණවලින් මධ්‍යසාර ගැනීම

මධ්‍යසාරවලට අමතරව ගංජා හෙරොයින් වැනි මත්ද‍්‍රව්‍ය නිසාද මෙම තත්ව ඇතිවේ.

සමහර රෝගී තත්ව
(අක්මාවේ ක‍්‍රියාකාරීත්වය තයිරොයිඩ් ග‍්‍රන්ථියේ ක‍්‍රියාකාරීත්වය හා වෘෂණවල ක‍්‍රියාකාරීත්වයේ අඩපණ වීම නිසා මෙම තත්වය ඇති වේ.)

වකුගඩුවල ක‍්‍රියාකාරීත්වය අඩපණ වීමත් සමහර පිලිකා තත්ව නිසාද මෙම තත්ව ඇතිවීම කලාතුරකින් දැකිය හැක.

මන්දපෝෂණය නිසාද මේ ආකාරයට පියයුරු විශාල වීමක් දැකිය හැක

මෙහිදී ඇතිවන ලක්ෂණ මොනවාද?

පියයුර විශාල වීම

එහි ඇතිවන කැක්කුම

මේ සමග ඇතිවන ව්‍යාකූලතා මොනවාද?

පිරිමි දරුවන්ගේ වැඩිවියට පත්වීමත් සමගම වන හෝමෝන වෙනස්වීම නිසා ඇතිවන පියයුරු විශාල වීම නැවත බොහෝවිට යම් කාලයකදී යථා තත්වයට පත්වන මුත් එහිදී ඇතිවන මානසික හා සාමාජීක පීඩනය සැලකිය යුතු තරම් වන අවස්ථා ඇත.

මෙහිදී කරනු ලබන පරීක්ෂණ මොනවාද?

වෛද්‍යවරයා විසින් කරනු ලබන මූලික පරීක්ෂණයට පසු අවශ්‍ය අවස්ථාවලදී ස්කෑන් පරීක්ෂණ මෙන්ම හෝමෝන් පරීක්ෂණ සිදුකරනු ලැබේ.

මේ සදහා ඇති ප‍්‍රථිකාර මොනවාද?

වැඩිවියට පත්වන පිරිමි ලමුන්ගේ ඇතිවන මෙවැනි තත්වයන් බොහෝවිට ඉබේම යථා තත්වයට පත්වන අතර එසේ නොවන අවස්ථාවලදී ප‍්‍රථිකාර සදහා යොමුකරනු ලැබේ.

ඖෂධ වර්ග නිසා ඇතිවන පියයුරු විශාල වීම් එම ඖෂධය නැවැත්වීමෙන් බොහෝවිට යථා තත්වයට පත්වේ.

හෝමෝන ප‍්‍රමාණයන් යථා තත්වයට පත්කිරීමට ඖෂධ නියම කිරීම

නමුත් බොහෝවිට යථා තත්වයට පත්වන නොවනක අවස්ථා වලදී ශළ්‍යකර්මයකින් වැඩිපුර ඇති පටක ඉවත් කිරීමට යෝජනා කරනු ඇත.




මෙහිදී ඇතිවිය හැකි භයානක තත්වයන් මොනවාද?

විශේෂයෙන් වැඩිහිටියන් ගේ ඇතිවන පියයුරු විශාල වීම් පිලිකා තත්වයක් නිසා වූවද විය හැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 19/07/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු