හත්වනකපාල ස්නායුවේ ව්‍යාකූලතා නිසා ඇතිවන මුහුණ පැත්තකට ඇදීයාම(Bell's Palsy)

හත්වන කපාල ස්නායුව මගින සිදුකෙරෙන කාර්යයන් මොනවාද?

මුහුනේ ඇති මාංශපේශීන්ගේ ක‍්‍රියාකාරීත්වයට ඉවහල්වන ප‍්‍රධානතම ස්නායුව මෙයවේ.

මීට අමතරව කර්ණපටහපටලයේ තීව‍්‍රරතාවය පාලනයට මෙන්ම රසසංවේදනය සදහාවූ ස්නායුද මෙම කපාල ස්නායුව හා සම්භන්ධව ගමන් කරයි.

මෙම ස්නායුවේ ඇතිවන මෙම ව්‍යාකූල තත්වය නිසා ඇතිවිය හැකි රෝග ලක්ෂණ මොනවාද?

මුහුණ පැත්තකට ඇදී තිබෙන සේ දැකියහැක.

මෙය සිනහවන විට දී වඩාත් හොදින් දැකිය හැකිවේ.

අදාල පැත්තේ ඇසපිය වැසීමට නොහැකිවීම හා අදාල ඇසේ කදුලු නොසෑදීම නිසා එය වියලි ස්වභාවයකින්යුක්ත වීම.
(කදුලු සෑදීම සදහා වන ග‍්‍රන්ථියට ස්නාය සැපයීම සිදුවන්නෙද හත්වන කපාල ස්නායුව හරහා වේ)

ආහාර පාන ගැනීම අපහසුවන අතර කටේ පැත්තකින් කෙල බේරීම.

කට වියලි ස්වභාවයකින් යුක්ත වීම.

දිවේ රස සංවේදනයහ අඩුබවක් දැනීම.

ඉතා කුඩා ශබ්ධයක් පවා අදාල පැත්තේ කනට ඉතා තදබල ශබ්ධයක් ලෙස දැනීම.

මෙවැනි තත්ව ඇතිවීමට හේතු මොනවාද?

මේ සදහා විහේෂිත හේතුවක් සොයා ගෙන නැත.

නමුත් කලින් පැපොල රෝගී තත්වය තිබු අයගේ මෙම තත්වය ඇතිවීම බහුලව දැකිය හැක.

මැදකන ප‍්‍රදේශයේ විෂබීජ තත්ව ඇතිව අවස්ථාවලදීද මෙම තත්ව ඇතිවීමේ අවධානම වැඩිවේ.

මීට අමතරව HIV වැනි රොගී තත්වවලදීද මෙම තත්වය දැකිය හැක.

මෙවැනි තත්වයක් ඇතිවූවිට කරනු ලබන පරීක්ෂණ මොනවාද?

සාමාන්‍යයෙන් වෛද්‍යවරයා කරනු ලබන පරීක්ෂාවකින් පමණක් රෝග නිගමනයකට එලබෙන අතර සමහර තත්වවලදී CT පරීක්ෂණහා MRI පරීක්ෂණ කිරීමට උපදෙස් දෙනු ඇත.

මීට අමතරව ස්නායු හා සම්භන්ධව කරන පරීක්ෂණද අවශ්‍යතාව අනුව කරනු ඇත.

මේ සදහා ප‍්‍රථිකාරකරනුයේ කෙසේද?

මේ සදහා බොහොවිට ප‍්‍රථිකාර නොමැතිව ඉබේම යථාතත්වයට පත්වීම සිදුවේ.

නමුත් මේ සදහා සති කිහිපයක සිට මාස කිහිපයක දක්වා කාලයක් ගතවිය හැක.

මුහුනේ මාංශපේශී ක‍්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට මුහුනේ මාංශපේශී ආශ‍්‍රිතව කල යුතු ව්‍යායාම කිරීමට උපදෙස් දෙනු ඇත.

ඇසේ ඇතිවන වියලිස්වභාවය නිසා ඇසටවන හානිය වලක්වා ගැනීමට කෘත‍්‍රිම කදුලු භාවිතා කිරීමට උපදෙස් දෙනු ඇත.

නිදා ගන්නාවිටදී අදාල පැත්තේ ඇස පිරිසිදු රෙදි කැබැල්ලකින් වැසිය යුතුවේ.

ස්ටීරොයිඩසහිත ඖෂධ වර්ග මෙන්ම වයිරස් රෝගකාරක විනාශ කල හැකි ඖෂධ වර්ග නියම කරන අවස්ථා ඇත.

මෙම තත්වය නිට්ටාවටම සුවවේද?

බොහොමයක් අවස්ථා කිසිම ප‍්‍රථිකාරයක් නොමැතිව සති කිහිපයකින් යථා තත්වයට පත්වේ.


නමුත් කලාතුරකින් අවස්ථාවක

දිවෙහි රස නොදැනී තිබීම

මුහුනේ මාංශපේශී විටින් විට ගැහෙන්නට වීම වැනි තත්ව දැකිය හැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 02/06/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු