බඩ පිපීම (Abdominal bloating)

බඩ පිපීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?

උදරය ඉදිරියට නෙරාවිත් පිම්බී තිබීම. මෙහිදී බඬේ තදගතියක් ද දැකිය හැක.

බඩ පිපීමට හේතු මොනවාද?

- මල බද්ධය
-
ආහාර අජීර්ණය
- අධික ලෙස ආහාර ගැනීම
- බඩවැල් ආශ‍්‍රිත විෂබීජ තත්වයන්
- ශරීර ව්‍යායාම අඩුබව
- සමහර බෙහෙත් වර්ග නිසා
උදා: දියවැඩියාවට පාවිච්චිකරන Acarbose වැනි පෙති ස්ටිරොයිඞ් (උදා:ප්‍රෙඞ්නිසිලොන් (Prednisilone))
-
සමහර වේදනා නාශක (NSAIDS)
- උදරයේ වතුර පිරීම හෝ ගෙඩියක් නිසාද මෙවැනි තත්වයන් ඇතිවේ.

ගෙදරදී කල හැකි ප‍්‍රතිකාර මොනවාද?

- ශරීර ව්‍යායාම, බර අඩුකර ගැනීම.
- ආහාර ගන්නා ප‍්‍රමාණය අඩුකිරීම.
-
ටික ටික ආහාර ගැනීම. එකවර ඉක්මනින් ආහාර ගැනීමේදී වාතය ගිලීමක් ද සිදුවේ.
-
ගෝවා, බෝංචි වැනි ආහාර තාවකාලිකව නැවැත්වීම.
-
චුයින්ගම්, විවිධ කාබනික පානීය වර්ග ගැනීමෙන් වැලකීම.

වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගතයුත්තේ කුමන අවස්ථාවලදී ද?

- බඬේ තද කැක්කුමක් ඇති වන්නේ නම්
- මලපහ කිරීමේ දී ලේ යාම.
- බඬේ දැවිල්ල, උගුරට එන ගතිය වැඩිවීම.
- වැසිකිලි යන රටාවේ වෙනසක් ඇතිවේනම්
- කෑම රුචිය අඩුවීම, බර සැලකිය යුතු ලෙස අඩුවීම.

ලිපිය පළකල දිනය Article uploaded on: 18/12/2018
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු