නාසයේ ඇතිවන ගෙඩි( පීනස් ගෙඩි)

නාසයේ ඇතිවන ගෙඩි නැතහොත් පීනස් ගෙඩි ලෙස හැදින්වෙන්නේ කවර තත්වයක්ද?

මෙය නාස් කුහරයේ බිත්තියේ ඇතිවන පැසක් වැනි ගෙඩි විශේෂයක් වේ.

මෙය පිලිකා තත්වයක් නොවේ.

මෙවැනි තත්ව ඇති වීමට හේතු මොනවාද?

දීර්ඝ කාලීනව නාස් කුහර ආශ‍්‍රිතව ඇතිවන වීෂ බීජ තත්ව ( සයිනුසයිටිස්)

විවිධ විෂ වායු වර්ඝ හා දූවිලි නිතරනිතර ආඝ‍්‍රානය වීම

ඇදුම තත්වය

විවිධ අසාතමිකතා

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

ඉතා කුඩා ප‍්‍රමාණයේ ගෙඩි මගින් කිසිම රෝග ලක්ෂණයක් ඇති කරනු නොලබයි.

නමුත් විශාල ඒවා මගින් නාස් කුහරය සිරවීම නිසා

නාසයෙන් දියර ගැලීම

විවිධ ගන්ධයන් හා රස නොදැනී යාම

හුස්ම ගැනීමේදී නාසය හිරවී ඇති ලෙස දැනීම

නිතර කිවිසුම් යාම

නාස් කුහරය වටා ඇති කුහර වල විෂ බීජ තත්ව ඇතිවීම (සයිනුසයිටිස්)

නාසයෙන් ලේ ගැලීම

මේ සදහා පරීක්ෂණ සිදුකරන්නේ කෙසේද?

මේ සදහා විශේෂිත පරීක්ෂණ නොමැති අතර වෛද්‍යවරයා කරනු ලබන පරීක්ෂාව මගින් රෝග නිෂ්චයකට එනු ලැබේ.

ඉතාම කලාතුරකින් අවස්ථාවක සීටී පරීක්ෂණ කිරීමට යෝජනා කරනු ඇත

මේ සදහා ඇති ප‍්‍රථිකාර මොනවාද?

මුල් අවස්ථාවේදී

නාසයට දමන බින්දු

අසාත්මිකතා සදහා දෙනු ලබන ඖෂධ

ප‍්‍රථිජීවක ඖෂධ මගින් ප‍්‍රථිකාර කරනු ඇත


බොහොමයක් රෝගීන්ගේ රෝග ලක්ෂණ යම් දුරකට පහවයන මුත් නාසයේ ඇතිවූ ගෙඩි ඉවත් වීම ඉතාම කලාතුරකින් අවස්ථාවක සිදුවේ.

ඉහත කී ප‍්‍රථිකාර ක‍්‍රම මගින් සහනයක් නොලැබුනි නම් ශළ්‍යකර්මයක් මගින් මෙම ගෙඩි ඉවත් කිරීමට වෛද්‍යවරයා යෝජනා කරනු ඇත

මෙම ප‍්‍රථිකාර ක‍්‍රමවලට පසුවත් නැවත මෙම ගෙඩි ඇතිවිය හැකිද?

ඉහත කී

දීර්ඝ කාලීනව නාස් කුහර ආශ‍්‍රිතව ඇතිවන වීෂ බීජ තත්ව ( සයිනුසයිටිස්)

විවිධ විෂ වායු වර්ඝ හා දූවිලි නිතරනිතර ආඝ‍්‍රානය වීම

ඇදුම තත්වය

විවිධ අසාතමිකතා නිසා නැවත ඇතිවීමේ අවධානමක් ඇත.

මෙම තත්ව වලක්වා ගැනීමට ගත හැකි ක‍්‍රියාමාර්ග මොනවාද?

නාස්කුහරයේ ඇතිවන විෂ බීජ තත්වයන්ට නොපමාව ප‍්‍රථිකාර ගැනීම.

නිතර නිතර දූවිලි හා විෂ වායුවර්ඝ වලට නිරාවරණය නොවීම ( එවැනි අවස්ථාවලදී මුහුණු ආවරණ පැලදීම.)

වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුත්තේ කවර අවස්ථාවලදීද?

මෙම ගෙඩි නිසා නාසයේ සිරවන ස්වභාවයක් ඇතිවීම.

නාසයේ එක් පැත්තක පමණක් සිරවුනු ස්වභාවයක් ඇතිවීම

Article uploaded on 17/02/2014

ලිපිය පළකල දිනය Article uploaded on: 17/02/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු