ඇසේ පිහාටුවෙ ඇතිවන ගෙඩි හෙවත් නගන (Chalazion)

නගනයක් යනුවෙන් අදහස්කරන්නේ කුමන තත්වයක්ද?

එය ඇසේ පිහාටුවෙ කෙලවර ඇති කෙස්ගස් හා සම්භන්ධව ඇති තෙල් ස‍්‍රාවය කරන ග‍්‍රන්ථියක නාල අවහිර වීමෙන් ඇතිවන තත්වයකි.

මෙම තෙල් ස‍්‍රාවයකරන ග‍්‍රන්ථි මගින් ස‍්‍රාවයකරන තෙල් නිසා ඇහිබැමට ලිහිසි ස්වභාවයක් දෙනු ලබන අතර ඇහිපිහාටු එකිනෙක ඇලී යාමද වලකයි.

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

ඇසේ පිහාටුවෙ ගෙඩියක් ඇති වීම.

සමහර අවස්ථාවලදී එය රතුවී, ඉදිමී තිබිය හැක.

කැක්කුමද සමහර අවස්ථාවලදී ඇතිවිය හැකි අතර ප‍්‍රධාන වශයෙන් ඇත්තේ ඇහිපිහාටුව චලනය වීමේදී ඇතිවන අපහසු බවවේ.

මේ සදහා පරීක්ෂණ සිදුකලයුතුද?

වෛද්‍යවරයා කරනු ලබන පරීක්ෂාවෙන් නිගමනයකට එලඹිය හැකි අතර විශේෂ පරීක්ෂණ අවශ්‍ය නොවේ.

මේ සදහා කල හැකි මූලික පියවර මොනවාද?

සාමාන්‍යයෙන් මෙවැනි තත්වයන් ඉබෙම යථා තත්වයට පත්වේ.

මද උණුවතුරෙ පිරිසිදු රෙදි කැබැල්ලක් පොගවා විනාඩි 10ක් පමණ තවන්න.

මෙසේ අඩුම තරමේ දිනකට දෙතුන් වතාවක් කිරීමෙන් හිරවූ ග‍්‍රන්ථිය තුල ඇති ඝනවූ ද‍්‍රව්‍ය මෙලෙක්වී එලියට ඒම සිදුවීමෙන් තත්වය පහව යයි.

කිසිම අවස්ථාවක එය පොඩිකිරීමට උත්සාහ නොකල යුතුයි.

සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන් යථාතත්වයට පත්වීමට සතියක් දෙකක්ගත විය හැක.

එසේ නොවන්නේ නම් වෛද්‍යවරයා විසින් සුලු ප‍්‍රමාණයේ ශල්‍යකර්මයක් කිරීමට යෝජනා කරනු ඇත.

මෙවැනි තත්වයකදී ඇතිවිය හැකි ව්‍යාකූලතා මොනවාද?

මෙය අධික ලෙස ඉදිමී රතුවීමක් වූයේ නම් කුඩා ප‍්‍රමාණයේ කැලලක් ඇතිවිය හැක.

නැවත නැවත ඇතිවීමේ හැකියාවක්ද පවතී.

මෙවැනි තත්ව ඇතිවීම වලක්වා ගන්නේ කෙසේද?

මුහුණ සේදීමේදී ඇහිපිහාටු කෙලවරද හොදින් සෝදා හැරීමෙන් මෙවැනි තත්ව ඇතිවීම අවම කල හැක.


Article uploaded on 29/11/2013

ලිපිය පළකල දිනය Article uploaded on: 28/11/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු