යමක් සිරවීම නිසා හුස්ම ගැනීමට අපහසු වීම (Choking)

ස්වසන මාර්ගයේ යමක් හිරවීම භයානක වන්නේ ඇයි?

ආහාර ගුලි හෝ වෙනයම් කැබැල්ලක් ස්වසන මාර්ගයේ හිරවීම සිදුව්ය හැක. මෙහිදී ඇතිවන ස්වසන මාර්ගයේ අපහසුතාවය නිසා විනාඞ් ගනනකදී මොලයට හානිවිය හැක.

මෙහිද ඇතිවිය හැකි ලක්ෂණ මොනවාද?

1- කථාකල නොහැකි වීම.
2- හුස්ම ගැනීමට අපහසු වීම
3- හයියෙන් කහින්න නොහැකි වීම.
4- තොල් පෙති, නියපොතු ලා දමි පැහැයක් ගැනීම.
5- සිහිය නැතිව යාම.

මෙහිදී කලයුතු දේ කුමක්ද ?

- රෝගියාව හිස පහළට සිටින සේ මුනින් අතට හරවා පිට මැද්දට අත්ලෙන් පස් පාරක් ගසන්න
- ඉන් පසු කෙනෙකුගේ පිටුපස සිට බඩ හරහා අත් දෙක යවා ඉහලට එසවීමට තැත් කරන ආකාරයට පස් පාරක් කරන්න.
- මේ ආකාරයට අදාල හිරවු දෙය එලියට එනතෙක් මාරුවෙන් මාරුවට කරන්න.

ලිපිය පළකල දිනය Article uploaded on: 30/04/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු