අසූචි පැහැය ගැන දැනගත යුතු දේ (Stool color)

සාමාන්‍ය අසූචි කවර පැහැයක් ගනීද?

සාමාන්‍යයෙන් අසූචි පැහැය කහ හෝ ලා දුඹුරු පැහැයේ සිට තද දුඔුරු පැහැයක් ගනී
මෙම පැහැයට ප‍්‍රධාන හේතුව වන්නේ කල් ඉකුත් වූ රතුරුධිරාණුවල ඇති හීමෝග්ලොබින් අක්මාවේදී බිදවැටීමෙන් ඇතිවෙන අතුරුඵල වේ

අසූචි පැහැය සාමාන්‍ය තත්වයෙන් වෙනස් විය හැකි කරුණු මොනවාද?

අතීසාරය ආහාර මාර්ගයේ ඇතිවන රුධිර වහනයන් හා ආහාර මාර්ගයේ අක්මාවේ හා අග්න්‍යාශයේ ඇතිවන රෝගී තත්වයන් මෙන්ම සමහර ඹෟෂධ වර්ග නිසාද මලපහවල ඇති පැහැය වෙනස්විය හැක

තද රතුපැහැයෙන් මලපහ පිටවීම-
මෙය ප‍්‍රධාන වශයෙන් අර්ශස් වලින් වන රුධිරවහනයක් විය හැක නමුත් අහාර මාර්ගයේ ඇතිවන ගෙඩි විෂබීජ තත්වයන් හා ප‍්‍රදාහයන් නිසාද මෙවැනි තත්වයන් ඇතිවිය හැකි අතර ආහාර මාර්ගයේ ඇති රුධිර වාහිනීවල ඇතිවන ව්‍යාකූලතා හා එ්වා පුපුරා යාම නිසා ඇතිවන රුධිර වහනයද මේ සදහා හේතුකාරක වෙයි

ගැස්ට‍්‍රයිටිස් තත්වය නිසා ඇතිවිය හැකි ආමාශයේ තුවාල වලින් අධික රුධිරවහනයක් නිසාද මලපහ සමග තද රතු පැහැයෙන් රුධිරය පිට විය හැක

ඉතාම කලාතුරකින් බීට්රූට් වැනි ආහාර නිසාද මලපහ රතුපැහැයක් ගත හැක
කෙසේ වෙතත් මෙවැනි රුධිර වහනයක් සිදුවන්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමුවී උපදෙස් ගැනීම වඩා යෝග්‍යවේ

තදකලු තාර පැහයෙන් ඇලෙන සුලු මලපහ පිටවීම

මෙය ආහාර මාර්ගයේ ඇතිවන රුධිරවහනයක් නිසා සිදුවේ
එබැවින් නොපමාව වෛද්‍ය උපදෙස් පැතිය යුතුවේ සමහර ඹෟෂධ නිසාද තදකලු පැහැයට මලපහ පිටවිය හැක උදා- යකඩ පෙති

සුදු පැහැයට මැටි වැනි මලපහ පිටවීම –

මෙය බොහෝ වේලාවට අග්න්‍යාශය ආශ‍්‍රිත පිලිකාමය තත්වයක් නිසා පිත්නාල අවහිර වීමකින් නිසා විය හැක එබැවින් නොපමාව වෛද්‍ය උපදෙස් පැතිය යුතුවේ


කොලපැහැයට මලපහ පිටවීම-

අනුභව කරන ලද ආහාර ඉතා ඉක්මනින් ආහාර මාර්ගය දිගේ ගමන් කිරීමෙන් මෙවැනි පැහැයක් ඇතිවිය හැක

මීට හේතුවන්නේ ආහාරමාර්ගයේදී එකතුවන පිත අවශෝෂණයට ප‍්‍රථම ගුදමාර්ගය දෙසට යොමු වීමයි

අතීසාරය වැනි තත්ව වලදී මෙය දැකිය හැකි අතර සමහර කොලපැහැති එලවලු හා පලතුරු නිසාද මෙවැනි කොල පැහැයක් ඇතිවිය හැක

පෙනසහිත ඇලෙන සුලු දැඩි ගදකින් මලපහ පිටවීම

මෙය ආහාරවල ඇති මේදය ජීර්ණය නොවීම නිසා සිදුවේ අග්න්‍යාශයේ ඇතිවන ව්‍යාකූල තත්ව වලදී මෙවැනි මල පහ පිටවීම සිදු වේ නොපමාව වෛද්‍ය උපදෙස් ගතයුතු තත්වයක් වේ

මලපහ සමග සුදු හෝ කහ පැහැයට සෙම වැනි දෙයක් පිටවීම

මෙය ආහාර මාර්ගයේ ඇතිවන ප‍්‍රදාහයක් නිසා හෝ පිලිකාමය තත්වයක් නිසාද විය හැක එබැවින් වහාම වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් පැතිය යුතුය

ලිපිය පළකල දිනය Article uploaded on: 15/01/2016
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු