වැඩිපුර ගුදමාර්ගයෙන් වාතය පිටවීම (Flatulence)

බඬේ වාතය හැදෙන්නේ කෙසේද ?

අප ගන්නා ආහාර ජීර්ණය වීමේදී හා ඒමත බඩවැල්වල සිටින විවිධ බැක්ටීරියා වර්ග වල ක‍්‍රියාකාරිත්වය නිසා විවිධ වායු වර්ග සෑදේ.
මේ වායුවල ප‍්‍රමාණය වැඩිවූ විට බඩ පිපීමක් සිදුවීමද බඬේ කැක්කුමද ඇතිවිය හැක. වාතය ගුද මාර්ගයෙන් පිටවීමත් සමඟ මෙම පිපීම මෙන්ම කැක්කුමද අඩුවේ.

වාතය වැඩිපුර පිටවීමට හේතු මොනවාද?

- ආහාර අජීර්ණය
- සමහර ප‍්‍රතිජීවක (Antibiotics)
- ජීර්ණය අපහසු ආහාර වර්ග ගැනීම
උදාඃ තන්තු බහුල ආහාර වර්ග
- දීර්ඝකාලීනව පවතින ආහාර මාර්ගයේ අසාත්මිකතා (Irritable bowel Syndrome)
- ආහාර මාර්ගයේ විෂබීජ නිසා

මේ සඳහා නිවසේ දී කල හැකි ප‍්‍රතිකාර කවරේද?

⋆ චුයින්ගම්, කාබනික පාන වර්ග ගැනීමෙන් වැලකීම.
⋆ හොඳින් ආහාර ගැනීම හා බෝංචි, ගෝවා වැනි ආහාර ගැනීම අඩුකිරීම.
⋆ ආහාර ගැනීමෙන් පසු විනාඩි 10-15 ඇවිදීම.
⋆ හෙමිහිට ආහාර ගැනීම.
⋆ වතුර වැඩිපුර බීම.

වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගත යුත්තේ කුමන අවස්ථාවේදී ද?

⋆ වාතය වැඩිපුර යනවාට අමතරව බඬේ කැක්කුම, බඬේ දැවිල්ල, වැසිකිලි යාමේ රටාවේ වෙනස් වීම් හෝ වමනය ඇතිවීම.
⋆ අර්ධ වශයෙන් ජීර්ණය වූ ආහාර මලපහ සමඟ පිටවීම හෝ මලපහ තෙල්ගතියෙන් යුක්ත වීම.
⋆ මලපහ වල දැඩි දුඟද හා වතුර ගැසුව ද මලපහ වැසිකිලි පෝච්චියෙන් ඉවත් නොවීම.
⋆ මලපහ සමඟ ලේ යාම.

ලිපිය පළකල දිනය Article uploaded on: 28/03/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු