වාසෙක්ටමි සැත්කම (Vasectomy)

හැදින්වීම

අදාල පුද්ගලයාගේ වයස 42

රැකියාව වෙළද ව්‍යාපාරික

පවුලේ දරුවන් ගනන 5යි

වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු 14

බාලම දරුවාගේ වයස අවුරුදු 2යි

පවුල් සැලසුම් කිරීමේ ක‍්‍රමයක් ලෙස වාසෙක්ටමි සැත්කම කර දෙන ලෙස ඉල්ලා සිටීම.

වාසෙක්ටමි සැත්කම කල පසු නැවත යථා තත්වයට පත්කිරීමේ අපහසු බව පැහැදිලි කර දීම.


කරන ලද පරීක්ෂණ
ශල්‍යකර්මය සදහා විශේෂිත පරීක්ෂණ නොමැත.


රෝහලට ඇතුලත් වීම
ශල්‍යකර්මය කරන දින උදේම රෝහලට ඇතුලත් වීම.


නිර්විනදන ස්වභාවය
අදාල ස්ථානය පමණක් හිරිවැට්ටවීම.


ශල්‍යකර්මය සදහා ගතවන කාලය
විනාඩි 20ක් පමණ


රෝහලෙන් පිටවීම
ශල්‍යකර්මය සිදුකර පැය දෙකකින් පමණ රෝහලින් පිටකිරීම.


රෝහලෙන් පිටකරන විට දෙනු ලැබූ උපදෙස්

වේදනා නාශක ඖෂධ හා විෂබීජ නාශක ඖෂධ ගැනීමට උපදෙස් දීම.

දියවෙන මැහුම් දමා ඇති බැවින් මැහුම් කැපීමක් අවශ්‍ය නොවන බව දන්වා සිටීම.

යට ඇදුමක් පලමු දිනයේදී දිගටම ඇදගෙන සිටින ලෙස උපදෙස් දීම.

ශල්‍යකර්මය කරණ ලද ස්ථානයේ රතුවී සැරව ගැලීමක් හෝ දිගටම ඇතිවන කැක්කුමක් ඇත්නම් වහාම රෝහලට පැමිනෙන ලෙස උපදෙස් දීම.


(විවිධ තත්ව සදහා කරනුලබන ශල්‍යකර්ම ගැන සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමට මෙම ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර දුන් පුද්ගලයාට අපගේ ප‍්‍රණාමය.)


Article uploaded on 06/04/2014




ලිපිය පළකල දිනය Article uploaded on: 06/04/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු