තට්ටම ප‍්‍රදේශයේ වසර පහක් පමණ දීර්ඝ කාලයක් පැවති තුවාලයක් සදහා කරනු ලැබූ ශල්‍යකර්මයක්

රෝගියාගේ රෝගය හැදින්වීම

රෝගියාගේ වයස අවුරුදු 56

ස්ත‍්‍රී පුරුෂ භාවය පුරුෂ


තුවාලය ඇති වූ ආකාරය හා එහි ස්වභාවය

හදිසි අනතුරක් නිසා කොන්දෙන් පහල ප‍්‍රදේශය පන නැතිව යාම.

එකම ආකාරයට ඇදේ සිටීම නිසා දීර්ඝකාලීනව එකම ස්ථානයක වන තදවීම නිසා සිදුවන රුධිර සැපයුම අඩාල වීමෙන් තුවාලයක් හට ගැනීම.

සංවේදනය නොදැනීම නිසා හා ඒ අයුරින්ම සිටීම හේතුකොටගෙන තුවාලය සුව නොවීමත් ක‍්‍රමයෙන් එය උග‍්‍ර වීම.

වසර 5කට වඩා වැඩි කාලයක් එම තුවාලය තිබීමත් අවසානයේදී එය උකුල් හන්දිය හා සම්භන්ධ වී නිතර ස‍්‍රාවයන් ගැලීමටත් පටන් ගැනීම.

රෝහල් ගතවීම.


වෛද්‍යවරයාගේ අදහස

ශල්‍යකර්මයක් මගින් තුවාලය අවට පටක උපයෝගී කරගෙන තුවාලය වසා දැමීම සුදුසු බව හා රෝගියා ඊට එකගතාවය පලකිරීම.


ශල්‍යකර්මයට පසුකාලය

ශල්‍යකර්මයට පසු දින 3ක් පමණ රෝහලේ ගතකිරීම.

සති දෙකකින් මැහුම් ඉවත් කිරීම.

තුවාලය සම්පූර්ණයෙන් සුව වීම.

(සාමාන්‍ය ජනතාවට විවිධ රෝගී තත්ව හා ඒ සදහා ඇති ප‍්‍රථිකාර ගැන දැනුවත් කිරීමට ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබා දුන් රෝගියාට අපගේ ප‍්‍රණාමය)

ලිපිය පළකල දිනය Article uploaded on: 23/03/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු