අසූචි පිටවීමට කෘත‍්‍රිම මාර්ගයක් තැනීම (කොලොස්ටොමි - Colostomy)

රෝගියාගේ රෝගය හැදින්වීම

වයස අවුරුදු 52
රෝග ලක්ෂණ

බෝම්බයකට හසුවීමෙන් කොදු ඇට පෙලට හා උදරයට වූ හානිය නිසා කොන්දෙන් පහල පණ නැතිවීමත් නොදැනීම අසූචි හා මුත‍්‍රා පිටවීම.

දවස පුරාවට ඇදේ එකම ඉරියව්වක සිටීම නිසා නොදැනීම තට්ටම් ප‍්‍රදේශයේ තුවාල ඇතිවීම.

නිතර අසූචි තැවරී තිබීම නිසා තුවාලයේ තත්වය ක‍්‍රමයෙන් අයහපත් අතට හැරීම.

වෛද්‍යවරයාගේ යොජනාව

අසූචි නිතර තැවරීම නිසා එහි ඇති විෂ බීජ තත්වය හේතුකොටගෙන තුවාලය හොද නොවන බවත් , අසූචි පිට වීමට උදරයේ කෘත‍්‍රිම මාර්ගයක් තනා බෑගයකට එකතුවීමට සැලස්වීම ඒසදහා එක් විකල්ප ක‍්‍රමයක් බවත් දන්වා සිටීම.

රෝගියාගේ තීරණය
අසූචි පිටවීමට කෘත‍්‍රිම මාර්ගයක් තැනීමට කැමැත්ත ප‍්‍රකාශ කිරීම.

නිර්වින්දන ස්වභාව්‍ය
මෙම රෝගියාගේ උදරයේ ඉහල ප‍්‍රදේශයේ සිට පහලට කිසිම අයුරක සංවේදනයක් නොමැති නිසා කිසිම ආකාරයක නිර්වින්දනය කිරීමක් අවශ්‍ය නොවුනි.

ශල්‍යකර්මය සදහා ගතවූ කාලය
විනාඩි 30 ක් පමණ

ශල්‍යකර්මයට පසු කාලය
රෝහලේ ගතකල කාලය දින 2යි.

එදින සිටම ආහාර ගැනීමට උපදෙස් දීම.

රෝගියාට මෙම කෘත‍්‍රිම මාර්ගයෙන් එන අසූචි එකතුවීමට යොදන ලද බෑගය මාරුකරගන්නා අන්දම ඉගැන්වීම.

ශල්‍යකර්මයට පසුකාලය

වසර 3ක් තිස්සේ පැවති තුවාලය මාස 2ක් වැනි කාලයකදී සම්පූර්ණයෙන් සුව වීම.

මෙම අසූචි පිටවීමට තැනූ කෘත‍්‍රිම මාර්ගය නැවත යථා තත්වයට සකස්කල හැකිවූවත් රෝගියා එයට හුරුවීමත් එහි පහසුබවත් නිසා ඒ ආකාරයෙන්ම එය තබා ගැනීමට ඉල්ලා සිටීම.

(සාමාන්‍ය ජනතාවට විවිධ රෝගී තත්වයන් හා ඊට ඇති ප‍්‍රථිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සදහා මෙම ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබා දුන් රෝගියාට අපගේ ප‍්‍රණාමය)


uploaded on 23/11/2013

ලිපිය පළකල දිනය Article uploaded on: 23/11/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු