අතේ වූ අස්ථි බිදීමක් සදහා යොදන ලද පැරිස් ප්ලාස්ටර් එකක් ඉවත් කරන අයුරු (POP removal)

රෝගියාගේ රෝගය හැදින්වීම

රෝගියාගේ වයස අවුරුදු 29

ස්ත‍්‍රී පුරුෂ භාවය පුරුෂ

මැනික් කටුව හන්දියට මදක් ඉහලින් වූ අස්ථියක බිදීමක් සදහා පැරිස් ප්ලාස්ටර් එකක් යොදා තිබීම.

සති 6 ක කාලයක් ගත වී තිබීම.

කරන ලද එක්ස්-රේ පරීක්ෂණය මගින් අස්ථි හාවී තිබීම සෑහීමකට පත්විය හැකි මට්ටමක තිබීම.

වෛද්‍යවරයා විසින් යොදන ලද පැරිස් ප්ලාස්ටර් එක ඉවත් කල හැකි බව තීරණය කිරීම.


මේ සදහා රෝහල්ගත වීමක් අවශ්‍ය නොවේ.
ප්ලාස්ටරය ඉවත් කල වහාම රෝහලින් පිටවිය හැක


මෙම ප්ලාස්ටරය ඉවත් කරන ක‍්‍රියාවලියට නිර්වින්දනය කිරීමක් අවශ්‍ය නොවේ.

බොහෝ විට වාට්ටුවේදී හෝ සායන වලදී මෙම ඉවත් කිරීම් කරනු ලබයි.

මෙහිදී භාවිතා කරන උපකරනයේ දැත්ත ඉතා කුඩා දුරක ඉහල පහලට ඉතා සීඝ‍්‍රව වන චලනයකින් ප්ලාස්ටර්ප එක කැපීම සිදුවේ.

යම් හෙයකින් මෙම දැත්ත ප්ලාස්ටර්ප එක කැපී ඊට යටින් වූ සමෙහි ගැටුනද සමට හානියක් සිදුනොවේ.

එබැන් මෙම ක‍්‍රියාවලියේදී බිය විය යුතු නැත


මෙම ප්ලාස්ටරය ඉවත් කිරීමෙන් පසු ක‍්‍රමක් ක‍්‍රමයෙන් සිදුකල යුතු ව්‍යායාම වෛද්‍යවරයා විසින් කියාදෙනු ඇත.
සමහර වේලාවට භෞත චිකිත්සාවක් සදහා යොමුකරනු ඇත.
එය ක‍්‍රමාණුකූලව කිරීම ඉතා වැදගත්වේ.
අස්ථි හා වීමෙන් පසු එහි සීඝ‍්‍ර සුවීමකට මෙන්ම ක‍්‍රියාකාරීත්වය නැවත යථා පරිදි ස්ථාපිත වීමකටත් මෙම ව්‍යායාම ඉතා වැදගත් වේ.

මෙම ප්ලාස්ටරය නියමිත කාලසීමාවට කලින් ගැලවීමට සිදුවන අවස්ථා මොනවාද?

1. ප්ලාස්ටරය යෙදීමෙන් පසු එහි දැඩි වේදනාවක් ඇති වීම.

මේ අවස්ථාවලදී ප්ලාස්ටරය සම්පූර්නයෙන් කපා ඉවත් කිරීමක් හෝ දෙපැත්තකින් කපා එය ලිහිල් කිරීමක් සිදුකරනු ලබයි. ඊට හේතුවන්නේ මෙවැනි කැක්කුමක් ඇති වීමට හේතුවන්නේ ප්ලාස්ටරය තද වැඩිවීමක් නිසා සිදුවන රුධිර ගමනා ගමනයට වන බාධාවන් නිසාවෙනි.

මෙවැනි අවස්ථාවලදී වෛද්‍යවරයා විසින් අනෙකුත් ලක්ෂණ සලකා බැලීමකින් පසු පැරිස් ප්ලාස්ටර් එක ඉවත් කල යුතුවන්නේදැයි තීරනය කරනු ඇත.

රෝගියාව රෝහලින් පිටකල පසු නිවසේදී මෙවැනි තත්වයක් ඇතිවේ නම් වහාම වෛද්‍යවරයා හමු වී උපදෙස් ලබා ගැනීම යෝග්‍යවේ.

2. සාමාන්‍යයෙන් පැරිස් පලාස්ටරය දැමීමෙන් පසු එදිනම හා සති දෙකකදී පමණ නැවත එක්ස්-රේ පරීක්ෂණයක් සිදුකරනු ලැබේ.

එහිදී අස්ථිවල පිහිටීම සෑහීමකට පත් විය නොහැකි නම් ප්ලාස්ටරය ඉවත්කර නැවත දැමීමක් සිදුකරනු ලැබේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 18/09/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු