ශල්‍යකර්මයක් මගින් අතේ මැනික්කටුව ප‍්‍රදේශයේ හිරවී ඇති ස්නායුවක් නිදහස්කිරීම( Carpal Tunnel Decompression)

රෝගියාගේ රෝගය හැදින්වීම

රෝගියාගේ වයස අවුරුදු 34
රක්ෂාව නැත

රෝග ලක්ෂණ
අත හිරිවැටීම හා මාස 3ක පමන කාලයක සිට එහි කැක්කුම ඇති වීම ( ප‍්‍රධාන වශයෙන් මහපටඇගිල්ල දබර ඇගිල්ල හා මැද ඇගිල්ල )
වේදනා නාශක පෙතිවලට පවා කැක්කුම පහව නොයාම
රාත‍්‍රි කාලයේදී අත දිගේ කැක්කුම පැතිරීම
අත මිටමොලවන විට කැක්කුම ඇතිවන නිසා ගෙදර දොරේ වැඩ පවා කල නොහැකි වීම
අත්ලෙහි මහපට ඇගිල්ලෙහි පහල ප‍්‍රදේශයේ වූ මාංශපේෂි දුර්වල වීම හා ක්ෂීණවීම

කරනු ලැබූ පරීක්ෂණ
නැත

වෛද්‍යවරයාගේ තීරණය
ශල්‍යකර්මයකින් සිරවී ඇති ස්නායුව නිදහස්කල යුතු බව

රෝගියාගේ ඉල්ලීම
ශල්‍යකර්මය කරන ලෙස

අනෙකුත් රෝග නැත

නිර්වින්දන ස්වභාවය
අදාල ස්ථානය හිරිවැට්ටවීම මගින්

ශල්‍යකර්මය සදහා ගතවු කාලය
විනාඩි 10ක් පමණ

ශල්‍යකර්මයට පසු කාලය
පැය 4 කින් පමණ දමනලද බැන්ඩේජ් එක ලිහිල් කිරීම

රෝහලින් පිටකරීම
බැන්ඩේජ් එක ලිහිල් කිරීමෙන් පසු

රෝහලින් පිටකරනවිට දුන් උපදෙස්
නියමකරන ලද වේදනා නාශක පෙති ගැනීම
මැහුම් කැපීම දින 10 කින් පමණ කලයුතු බව
ඇගිලිවලට හා මැනික් කටුව ප‍්‍රදේශයට ව්‍යායාම කලයුතු බව
ශල්‍යකර්මය කරනලද ස්ථානයේ රතු වීමක් කැක්කුමක් හෝ සැරව ගැලීමක් වුවහොත් වහාම රෝහලට වාර්තා කල යුතු බව

----------------------------------------------------------
සාමාන්‍ය ජනතාවට රෝගී තත්වයන් සහ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සඳහා ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ විශේෂ ස්තූතිය


ලිපිය පළකල දිනය Article uploaded on: 23/06/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු