තයිරොයිඞ් ග‍්‍රන්ථියේ එක් පැත්තක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීම. (Thyroidectomy)

තයිරොයිඞ් ග්‍රන්ථියේ එක් පැත්තක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීම

රෝගියාගේ වයස - අවු. 38
ස්ත‍්‍රී පුරුෂ භාවය - ස්ත‍්‍රී
රක්‍ෂාව - නැත

රෝග ලක්‍ෂණ
- බෙල්ල ප‍්‍රදේශයේ ඉතා කුඩාවට ඇති වූ ගැටිත්තක් මාස 3ක් පමණ තිබීම.
- ක‍්‍රමයෙන් විශාල වීම.
- කැක්කුමක් ඇති නොවීම.

අනෙකුත් රෝග තත්වයන්
- දීර්ඝ කාලයක් තිස්සේ තයිරොයිඞ් ග්‍රන්ථියේ අඩු කි‍්‍රයාකාරිත්වය හේතු කොටගෙන තයිරොක්සීන් හෝමෝනය ගැනීම.

වෛද්‍යවරයාගේ නිගමනය
- තයිරොයිඞ් ග්‍රන්ථියේ අඩු කි‍්‍රයාකාරිත්වය
- තයිරොයිඞ් ග්‍රන්ථියේ ගැටිත්තක් ඇතිවී තිබීම.
- TSH
-
ස්කෑන් පරීක්‍ෂණය
- FNAC පරීක්‍ෂණය
යෝජනා කිරීම

පරීක්‍ෂණ ප‍්‍රථිඵල
- TSH අගය වැඩි බව හා එමඟින් තයිරොයිඞ් ග්‍රන්ථියේ අඩු කි‍්‍රයාකාරිත්වය සනාථ වීම.
- ස්කෑන් පරීක්‍ෂණය මඟින් සැක සහිත ගැටිත්තක් තයිරොයිඞ් ග්‍රන්ථියේ එක් පැත්තක ඇති බව සනාථ වීම.
- FNAC
පරීක්‍ෂණය මඟින් සැක සහිත ෙසෙල ඇති බවත් (Follicular neoplasm) තව දුරටත් පරීක්‍ෂණය සඳහා තයිරොයිඞ් ග්‍රන්ථියේ අදාල පැත්ත බවත් කල යුතු බවත් යෝජනා කිරීම.

යෝජිත ශල්‍යකර්මය
-
තයිරොයිඞ් ග්‍රන්ථියේ පැත්තක් ඉවත් කිරීම.

රෝහල් ගත වීම.
- පෙර දිනයේ ඇතුළු වීම
- නිර්වින්දනය සඳහා අවශ්‍ය පරීක්‍ෂණ සිදුකිරීම

නිර්වින්දන ස්වභාවය
-
සම්පූර්ණයෙන් සිහිනැති කිරීම.

ශල්‍යකර්මය සඳහා ගත වූ කාලය
-
පැය 1 1/2 පමණ

රෝහලේ ගතකල කාලය
-
පැය 48

රෝහලෙන් පිටකරන විට දුන් උපදෙස්
- බෙල්ල ප‍්‍රදේශයේ ඉදිමීමක්, රතුවීමක්, රුධිර වහනයක් හෝ ස්වසන අපහසුතාවයක් ඇති වූ වහාම රෝහලට පැමිණෙන ලෙස දැන්වීම.
-
තයිරොයික්සීන් නියම කරන ලද ප‍්‍රමාණය දිගටම ගන්නා ලෙස උපදෙස් දීම
- සති 2කින් පරීක්‍ෂණ වාර්ථාව සමඟ සායනයට පැමිණෙන ලෙස දැන්වීම.

සැළකිය යුතුයි
තයිරොයිඞ් ග්‍රන්ථිය ආශ‍්‍රිතව වූ යම් තත්වයකට ප‍්‍රථිකාර ගන්නේ නම් ස්කෑන් පරීක්‍ෂණයක් සිදු කිරීම මඟින් අතට අසුනොවන ගැටිති පවා හදුනාගත හැකිවීම ඉතා වැදගත් වේ.

----------------------------------------------------------
සාමාන්‍ය ජනතාවට රෝගී තත්වයන් සහ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සඳහා ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ විශේෂ ස්තූතිය
----------------------------------------------------------

ලිපිය පළකල දිනය Article uploaded on: 22/05/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු