ඉන ප‍්‍රදේශයේ හර්නියාවක් සඳහා ශල්‍යකර්මය ( Open Herniotomy)

රෝගියාගේ රෝගය හැඳින්වීම.

රෝගියාගේ වයස - අවු. 48
ස්ත‍්‍රී පුරුෂ භාවය - පුරුෂ
රක්‍ෂාව - ගොවිතැන

රෝග ලක්‍ෂණ
- මාස 3ක් පුරාවට උදරයේ වම් පැත්තේ පහළම කෙලවරට ඇතිවන වේදනාව
-
හවස් වන විට වේදනාව වැඩිවීම.
-
කහින විට හා බර ඔසවන විට එම ස්ථානය පිම්බී ඉහළට එසවීම
- සති 3ක සිට එක දිගට ඇතිවන වේදනාව

වෛද්‍යවරයාගේ නිගමනය
-
හර්නියා ( Inguinal Hernia)

අනෙකුත් රෝගි තත්ව
-
නැත

පරීක්‍ෂණ
-
නැත

ශල්‍යකර්මය
-
කැපුමක් යොදා හර්නියාව සැකසීම
- මෙහිදී දැලක් භාවිතා කිරීම.

නිර්වින්දනය
-
හිරිවැට්ටවීම මඟින් (කොන්දෙන් පහළට)

ශල්‍යකර්මයෙන් පසු රෝහලේ සිටි කාලය
-
පැය 24

ශල්‍යකර්මයෙන් පසු කාලය සඳහා දෙනු ලබූ උපදෙස්
-
කැක්කුමට දෙනු ලබන පෙති ගැනීම.
- සති 3ක් පමණ යනතුරු සුළු බර පවා එසවීමෙන් වැලකීම.
-
කැස්ස, මලබද්ධය වැනි තත්ව වලට ඉක්මනින් ප‍්‍රථිකාර ගැනීම.
-
මාස 3ක් පමණ යනතුරු අධික බර එසවීමෙන් වැලකීම
- දුම් පානයෙන් ඈත්වීම.
-
කැපුම යෙදු තැන දින 3ක් පමණ යනතුරු නොතෙමීම.
- කැපුම යෙදු තැන කැක්කුම, රතුවීමක් හෝ සැරව ගැලීමක් වුවහොත් වහාම රෝහලට වාර්ථා කලයුතු බව

----------------------------------------------------------
සාමාන්‍ය ජනතාවට රෝගී තත්වයන් සහ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සඳහා ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ විශේෂ ස්තූතිය
----------------------------------------------------------

ලිපිය පළකල දිනය Article uploaded on: 18/05/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු