මාංශ පේශී එකවර හැකිලීම නිසා ඇතිවන කැක්කුම (Muscle cramps)

මෙහිදී සිදුවන්නේ කුමක්ද?

මාංශපේශී ඉබේම හැකිලී තදවීමත් නැවත ටික වේලාවකට ලිහිල් නොවී තිබීමත් නිසා මෙය සිදුවේ.

සැලකිය යුතු වේලාවක් මාංශපේශී ලිහිල් නොවී තිබීමෙන් එහි තද වේදනාවක් ඇතිවේ. මෙම තත්වය බොහෝවිට කකුලේ බත්කෙන්ඩිය ආශ්‍රිරිතව හා කලවා ප‍්‍රදේශය ආශ‍්‍රිතව වැඩිපුර දැකිය හැකි අතර ශරීරයේ අනෙකුත් ස්ථානවලද ඇතිවිය හැක.

මෙසේ ඇති වීමට හේතු මොනවාද?

අධික ලෙස අදාල මාංශ පේශී භාවිතාවන අයුරින් ක‍්‍රියාවලිවල නිරත වීම හා එම මාංශපේශී වලට සිදුවන තැලීම්.

ශරීරයේ ඇති ඛනිජලවණ ඌනතා (උදා: පොටෑසියම්,කැල්සියම්,සෝඩියම්)
අධික ලෙස දහඩිය දැමීම මේ සදහා හේතු විය හැක.

අධික ලෙස මත්පැන් භාවිතය.

මාස්ශූද්ධිය හා ගැබ් ගැනීම ආශ‍්‍රිතව ඇතිවන වෙනස්වීම්.

වකුගඩු හා තයිරොයිිඩ් ග‍්‍රන්ථිය අශ‍්‍රිතව වන ක‍්‍රියාකාරීත්වයේ ඌනතා.

සමහර ඖෂධ වර්ග මේ සදහා හේතු කාරක විය හැක.

මෙම තත්වය ඇති වු විට නිවසේදී කල හැකි ක‍්‍රියාකාරකම් මොනවාද?

1. එවලෙහි කරනු ලබන ක‍්‍රියාකාරීත්ව නවතා අදාල මාංශපේශිය හොදින් ඇදෙන ඉරියව්වක සිටින්න.

2. උනු වතුරෙන් තැවීම හැකිලුනු මාංශපේශිය දිග හැරීම පහසු කරයි. පසුව අයිස් ඔතන ලද රෙදි කැබැල්ලකින් තැවීම කැක්කුම යම් දුරකට ඉක්මනින් සමනය කිරීමට ඉවහල් වේ.

3 ඉන්පසු කැක්කුමට ආලේපනය කරන බාම් එකක් භාවිතා කල හැකි අතර වේදනා නාශක පෙතිද අවශ්‍ය නම් ගත හැක.

මෙම තත්වය ඇති වීම වලක්වා ගැනීමට ගත හැකි ක‍්‍රියා මාර්ග මොනවාද?

ව්‍යායාම් වල යෙදෙන විටදී හෝ අධික ලෙස දහඩිය දමන කුමන කටයුත්තකදී වුවද හොදින් ජලය පානය කිරීම ඇති සරලම විසදුමකි.

ශරීර ව්‍යායාම් වල යෙදෙන්නේ නම් තමාට සූදූසු ප‍්‍ර‍්‍රමාණ වලින පමණක් එය කලයුතුය.

ඔබට නිතර නිතර මෙවැනි තත්ව ඇතිවන්නේ නම් ශරීරයේ ලවණ ප‍්‍රමාණයේ ඌනතාවයක් නිසා විය හැක. එබැවින් දොඩම් ,කෙසෙල් වැනි පලතුරු ආහාරයට ගැනීමෙන් මෙම ඌනතාවය යම් දුරකට අවම කල හැක.

මාංශපේශී හොදින් ඇදෙන ව්‍යායාම වල නිරත වීමද සිදු කල යුතුය.

වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගත යුත්තේ කවර අවස්ථා වලදීද?

නිතර නිතර මෙවැනි තත්ව ඇති වීම.

වරක් හැදුනු විට දීර්ඝ වේලාවක් තිබීම හා නිවසේදී කල පිලියම් වලදී සමනය නොවීම.

වෛද්‍යවරයා විසින් මේ සදහා කුමක් සිදුකරයිද?

රෝග ඉතිහාසය හා පරීක්ෂා කිරීම් වලින් අනතුරුව අවශ්‍ය නම් රුධිර පරීක්ෂණ සිදුකරනු ලබයි. (වකුගඩු තයිරොයිඩ් යන ග‍්‍රන්තිවල ක‍්‍රියාකාරීත්වයන් බැලීමට හා ශරීරයේ ඇති ලවණ ප‍්‍රමාණ වල ව්‍යාකූලතා ඇත්දැයි බැලීමට)

වේදනා නාශක ඖෂධ නියම කිරීම.

ලිපිය පළකල දිනය Article uploaded on: 29/08/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු