බයොප්සී පරීක්‍ෂණය (Biopsy)

බයොප්සී පරීක්‍ෂණයක් ලෙස හඳුන්වන්නේ කුමක්ද?

මෙහිදී සිදුකරනුයේ ශරීරයේ රෝගයට අදාල ස්ථානයෙන් සෛල හෝ ඉන් කොටසක් පරීක්‍ෂණ සඳහා ලබාගැනීමයි. සමහර අවස්ථාවලදී මුළු කොටසම ඉවත් කිරීම සිදුකරයි. සමහර රෝග සඳහා ස්ථීර වශයෙන් ශරීර පඨක ගැනීම අත්‍යාවශ්‍ය වේ.

මෙම පරීක්‍ෂණය සිදුකරන්නේ කෙසේද?

මෙහිදී අවශ්‍ය වනුයේ සෛල පමණක් නම් සිරින්ජයක් ආධාරයෙන් එය කලහැකිය. නමුත් අදාල ස්ථානයෙන් කොටසක් හෝ සම්පූර්ණයෙන්ම අවශ්‍ය වන්නේ නම් හිරිවැට්ටවීම හෝ සිහිනැති කිරීම යන නිර්වින්දන ක‍්‍රමයක් භාවිතාකල යුතුවේ.

- මෙම පරීක්‍ෂණ වලට ප‍්‍රථම තුවාලයක් වූ විට ලේ ගැලීම නොනවතින රෝග ඇත්නම් (උදා: හීමෝෆිලියාව) වෛද්‍යවරයාට එය දැන්විය යුතුය. එසේම ලේ කැටි ගැසීමට ගන්නා ඖෂධ වර්ග (උදා: ඇස්ප‍්‍රින්, වෝෆරීන්) ගන්නේ නම් ඒ බවද වෛද්‍යවරයාට දැන්විය යුතුය. ඊට හේතුව වන්නේ මෙම පරීක්‍ෂණයට පසුව ලේ ගැලීම නතර නොවන තත්ව තිබේ නම් ලේ කැටි සෑදී ව්‍යාකූල තත්ව ඇතිවිය හැකි බැවිනි.

- කටුවක් ආධාරයෙන් සෛල ලබාගැනීමේදී රෝහල් ගත වීමක් අවශ්‍ය නොවේ. එහිදී සෛල පමණක් ලබාගන්නේ නම් අදාල ස්ථානය නිර්වින්දනය කිරීමක් අවශ්‍ය නොවේ. නමුත් ඉතා කුඩා පඨක කැබැල්ලක් ගන්නේ නම් (True cut- biopasy) අදාල ස්ථානය නිර්වින්දනය කිරීමක් කරනු ලබයි. අදාල සෛල හෝ පඨක ලබාගැනීමෙන් පසු (විනාඩි 15-20) නිවස බලායා හැකිය.

- ශරීර අභ්‍යන්තරයේ පවතින ව්‍යාකූල ස්ථාන/ගෙඩි වැනි අවස්ථාවලදී ස්කෑන් පරීක්‍ෂණයක් ආධාරයෙන් අදාල ස්ථානයට කටුව යොමු කිරීම සිදුකරයි.
උදා: Ultra sound guided fine needle aspiration
CT- Guided needle
aspiration
පරීක්‍ෂණය සඳහා අදාල ස්ථානයෙන් කොටසක් හෝ සම්පූර්ණයෙන් ඉවත් කිරීම අවශ්‍ය වන්නේ නම් බොහෝ විට සිහිනැති කර සුළු ශල්‍යකර්මයක් මඟින් එය ලබාගැනීමට සිදුවේ. එවැනි අවස්ථාවලදී රෝහල් ගතවීම අවශ්‍ය වන අතර බොහෝ විට දින 2-3 දක්වා කාලයක් රෝහලේ සිටිය යුතුවේ.
ශල්‍යකර්මයේදී සිදුකරන කැපුමට දිය නොවන මැහුම් යෙදුවේ නම් මැහුම් කැපීම බොහෝ විට දින 5-7 දක්වා කාලය තුල සිදුකරයි. පරීක්‍ෂණ වාර්ථාව ලැබීමට බොහෝ විට සති 2කක කාලයක් ගතවන අතර ඒ සඳහා රජයේ රෝහලක නම් සායනයට අදාල දිනයේ දී යායුතුය.

ලිපිය පළකල දිනය Article uploaded on: 29/03/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු