මැමෝග‍්‍රම් (Mammograms)

මැමෝග‍්‍රම් එකක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

සරළව හැදින්වුවහොත් එය පියයුරුවල x-ray එකක් ගැනීමකි.

එමඟින් අතට නොදැනෙන පියයුරේ වූ වෙනස්කම් හඳුනාගත හැකිවේ.

එබැවින් යම් වෙනසක් සැකකරන සෑම විටකම මැමෝග‍්‍රම් පරීක්‍ෂාවක් කරනු ලබයි.

මැමෝග‍්‍රම් එකක් කරන්නේ කෙසේද?

මෙහිදී ඔබව එක්ස්රේ මැෂින් එක ඉදිරියේ සිටගැනීමට සලස්වා වරකට එක් පියයුර බැගින් එක්සරේ එක ගන්නා තැටිය මත තබනු ලබයි.

ඉන්පසු තව තැටියක ආධාරයෙන් පියයුරේ උඩපැත්තෙන් පහළට සුළු තෙරපීමක් කරනු ලබයි.

මෙහිදී ඔබට සුළු වේදනාවක් දැනෙන අතර එය දරා ගැනීමට පුළුවන් තරමේ එකකි.

මෙහිදී පියයුර පැතිලි ස්වභාවයක් ගන්නා අතර ඉන්පසු එක්ස්රේ එක ගැනීම කරයි.

පැතිලි වූ තරමට එක්ස්රේ එකෙන් රෝගයක් හඳුනාගැනීමට පහසුවේ.

මේ ආකාරයට පියයුරු දෙකේම කරනු ලබන අතර මුළු පරීක්‍ෂණය සඳහා ගතවනුයේ විනාඩි 30කටත් අඩු කාලයකි.

මැමෝග‍්‍රම් එකකින් පිලිකාවක් මුල්ම අවස්ථාවේදීම හඳුනාගත හැකිද?

වෛද්‍යවරයා කරනු ලබන පරීක්‍ෂාවන්, අවශ්‍ය වූ විට කරනු ලබන මැමෝග‍්‍රම් පරීක්‍ෂාවක් මඟින් බොහොමයක් පිලිකා මුල් අවස්ථාවේදීම හඳුනාගත හැකිය.

මැමෝග‍්‍රම් පරීක්‍ෂණයක් සඳහා පෙර සූදානමක් අවශ්‍යද?

මාස්ශුද්ධිය පවතින කාලයේදී පියයුරු තද ගතියකින් හා පිරුණු ස්වභාවයක් ගන්නා අතර ඒ හා සම්භන්ධ කැක්කුමක්ද ඇතිවේ.

එබැවින් මෙම පරීක්‍ෂාව කිරීමේදී පියයුරු තෙරපීමක් කරන බැවින් මෙම කැක්කුම දැඩිව දැනීමට පුළුවන.

එබැවින් දිනයක් වෙන්කරවා ගැනීමේදී මාස්ශුද්ධිය සිදුවන කාලය මඟහැරීම ඉතා වාදගත්ය.



ඇඳුම ගැන සැළකිලිමත් වීමද වැදගත්වේ.

පහසුවෙන් මාරුකිරීමට හැකි බ්ලවුස් එකක් මේ සඳහා ඉතාම යෝග්‍යවේ.

මෙම පරීක්‍ෂාවේදී ඉනෙන් උඩට ඇති අඳුම් පැලදුම් ඉවත් කිරීම අවශ්‍ය වේ.



කිහිලි ප‍්‍රදේශයේ කිසිම ආලේපන වර්ගයක් තැවරීම නොකල යුතුය. උදාඃ සුවඳ ආලේපන වර්ග ආදිය.

මේවා මැමෝග‍්‍රම් පරීක්‍ෂණය කිරීමේදී එකස්රේ තැටිය මත තැවරීමෙන් විවිධාකාර පැල්ලම් මැමෝග‍්‍රම් එකේ ඇතිකරයි.

එවිට හරියාකාර රෝග නිශ්චයකට එය බාධාවක් වේ.



කලින් මැමෝග‍්‍රම් පරීක්‍ෂණ කර ඇත්නම් ඒවාද රැගෙන යාමෙන් යම් විශේෂිත ස්ථානයක් කෙරෙහි වැඩි අවධානයක් යොමුකල යුතුනම් එය හඳුනාගෙන අවශ්‍ය ආකාරයට මැමෝග‍්‍රම් පරීක්‍ෂණය කල හැකිවේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 26/06/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු