MRI පරීක්ෂණය

MRI පරීක්ෂණයක් යනුවෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද?

විද්යුත් චුම්භක කෂේත‍්‍රයක් හා රේඩියෝ තරංග භාවිතාකර ශරීරයේ පටක හා අවයව පිලිබදව ලබාගන්නා විශ්ලේෂණයකි. තාවකාලිකව ඇතිකරන චුම්භක ක්ෂේත‍්‍රය මගින් ශරීරයේ ජල අනුවල කරනු ලබන චලනයන්ගේ වෙනස්කම් රේඩියෝ තරංග භාවිතයෙන් හදුනා ගැනේ. මෙහිදී යම් පටකයක රෝගී තත්වයක් නිසා වෙනස්කමක් ඇත්නම් එහිදී ඇතිවන ජල අනුවල චලනය අනෙක් සාමාන්‍ය පටක වලට වඩා වෙනස් වන අතර එම වෙනස් වීම හදුනා ගැනීමට මෙම රේඩියෝ තරංග භාවිතතයෙන් හැකියාව ලැබේ.

මෙම පරීක්ෂණය සිදුකල හැකි ශරීරයේ ස්ථාන මොනවාද?

ශරීරයේ ඔනෑම ස්ථානයක් ආශ‍්‍රීතව මෙම පරීක්ෂණය සිදු කල හැක.

මෙම පරීක්ෂණය මගින් ශරීරයට හානි සිදූවේද?

මෙම පරීක්ෂණය මගින් ශරීරයට සිදුවන අහිතකර ක‍්‍රියාවලි නොමැත.
නමුත් ශරීරයේ කොතැනක හෝ ලෝහමය දෙයක් තැන්පත් වී ඇත්නම් එමගින් ව්‍යාකූලතා ඇතිකරයි.

උදා කෘත‍්‍රිමය සවිකරන ලද හන්දි
හෘදය වස්තුවේ කෘත‍්‍රිමව යොදන ලද කපාට
කන ඇතුලේ කෘත‍්‍රිමව සවිකරන ලද ඇසීමේ උපකරන
කිසියම් පුපුරා යාමක් නිසා ශරීරය අභ්‍යන්තරයේ යකඩ කැබලි තැන්පත් වී ඇත්නම්

උදා බෝම්බ-කැබලි

හෘදය වස්තුවේ ක‍්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට යොදන ලද බැටරි (Pace Makers)

ගැබ්ගැනීමක් සැකකරන සෑම අවස්ථාවකම එය වෛද්‍යවරයාට දැන්විය යුතුය. ඊට හේතුවන්නේ දරුගැබකට මින් සිදුවන බලපෑම හරිහැටි අධ්‍යනය කර නොමැති නිසාවෙනි. මෙවැනි තත්ව යටතේදී වෙනයම් පරීක්ෂණ ක‍්‍රමයකින් රෝග නිගමනයකට ඒමට වෛද්‍යවරයා කටයුතු යොදනු ඇත.


වකුගඩු හා අක්මාව ආශ‍්‍රිතව රෝග ඇත්නම් එය ද වෛද්‍යවරයාට දැන්විය යුතුය. ඊට හේතුවනුයේ සමහර අවස්ථාවලදී අදාල අවයව හරියාකාරව පෙනීමට දෙනු ලබන ඉන්ජෙක්ෂන් එකක් ( Contrast agent) භාවිතාකරන විට පරීක්ෂාකාරී විය යුතු නිසාය.

මේ සදහා සූදානම් විම කෙසේ කල යුතුද?

මේ සදහා නිරාහාරව සිටීම අවශ්‍ය නොවේ.එසේ අවශ්‍ය විශේෂ අවස්ථාවලදී පමණක් වෛද්‍යවරයා දැනුම් දෙනු ඇත.

කෘත‍්‍රිම දත් දමා ඇත්නම් ඒවා ගැලවිය යුතුය.

කොන්ඩ කටු අනෙකුත් ආභරන, ඇසීමට භාවිතා කරන උපකරණ ආදිය ඉවත් කල යුතුවේ.

මෙහිදී ඇද ගැනීමට වෙනම ඇදුමක් ලබා දෙනු ඇත. මීට හේතුවන්නේ ඇදන් යන ඇදුම් වල ලෝහ වලින් තැනු කටු ආදිය තිබෙන නිසාය.

මෙම පරීක්ෂණයේදී කිසිම වේදනාවක් ඇති නොවේ. සමහර අවස්ථාවලදී අදාල අවයව හරියාකාරව පෙනීමට දෙනු ලබන ඉන්ජෙක්ෂන් එකෙන් ඇති වන සුලු වේදනාවක් පමණක් දැනෙනු ඇත.

මෙම පරීක්ෂණය සදහා පැය භාගයේ සිට පැයක කාලයක් දක්වා වැය විය හැක.

මෙම පරීක්ෂණය අවසන් වු වහාම සුපුරුදු ක‍්‍රියාවලි වල නිරත විය හැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 02/09/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු