පෙනීමේ ඇතිවිය හැකි දෝෂ

පෙනීමේ දෝෂ ඇතිවිය හැකි ආකාර මොනවාද?

- බොදවී පෙනීම.
- කළු පැහැති ලප මෙන් පෙනීමට ගැනීම.
- ඇස් ඉදිරියේ සබන් බෝල මෙන් පෙනීමට ගැනීම.

මීට හේතුවිය හැකි සාධක මොනවාද?

- ඇසේ කාචය හරියාකාරව පාලනය කල නොහැකි වීම. බොහෝ විට වයස අවුරුදු 40න් පසු ඇතිවේ. (හතිලිස් ඇදිරිය)
- ඇසේ සුද ඒම
- ඇස ඇතුළත පීඩනය වැඩිවීම.
- දියවැඩියාව නිසා ඇස ඇතුලේ ඇති කුඩා රුධිර වාහිනී වලට හානි වීම.
- ඇසේ ඇතිවන විෂබීජ, ආසාත්මිකතා හා තුවාලවීම්
- රාත‍්‍රි අන්ධතාව
- දෘෂ්ඨි විතානයේ සිදුවන ව්‍යාකූලතා
- මොළයේ දෘෂ්ඨිය හා සම්භන්ධ ප‍්‍රදේශයේ රුධිර වාහිනී වල ලේ කැටි හිරවීම හෝ පුපුරා යාම
- ඇස ඇතුළට ලේ ගැලීම.
- ඉරුවා රදය
- සමහර ඖෂධ වර්ග

ඇසේ පෙනීමේ යම් වෙනසක් වූ විට නිවසේදී කලහැකි ප‍්‍රථිකාර මොනවාද?

එවැනි තත්වයක් ඇතිවුවහොත් ඇති හොඳම ක‍්‍රමය වනුයේ වෛද්‍ය උපදෙස් ලබාගෙන අදාල ප‍්‍රථිකාර කිරීමයි.

ඇසේ පෙනීමේ දුර්වලතා ඇතිවීම වලක්වා ගැනීමට ගතහැකි ක‍්‍රියාමාර්ග මොනවාද?

- ඇසේ පෙනීමේ දුර්වලතා දැනටමත් පවතින්නේ නම් නොපමාව වෛද්‍ය උපදෙස් පැතීම හා නොකඩවා සායනවලට සහභාගී වීම.
- අවුරුදු 50ට වැඩි පුද්ගලයින් අවුරුද්දකට වරක්වත් වෛද්‍යවරයෙකු ලවා පරීක්‍ෂා කරවා ගැනීම.
- දියවැඩියාව/අධික රුධිර පීඩනය වැනි රෝගී තත්ව ඇතිනම් ඒවාට ක‍්‍රමාණුකූලව ප‍්‍රථිකාර ගැනීම.
- තද අව්වේ යනවිට අව් කන්නාඩි පැළදීම.
- දුම්පානය, මධ්‍යසාර ගැනීම නතර කිරීම.
- පලා වර්ග, පළතුරු වර්ග වැඩිපුර ආහාරයට ගැනීම.

ලිපිය පළකල දිනය Article uploaded on: 24/03/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු