දත් මුල් දියවීම

දත්මුල් දියවීමට හේතු මොනවාද?

දත්මුල් දියවීම සුලභව දැකිය හැකි රෝගී තත්වයකි. එය දත්මුල් ආශ‍්‍රිතව ඇතිවන ඉදිමීමේ සිට දත් හැලීයාම දක්වා උග‍්‍රවිය හැක.
මුඛය තුල ඉතා විශාල ප‍්‍රමාණයෙන් නොයෙකුත් බැක්ටීරියාවන් ඇත. බැක්ටීරියාවන් කෙල සමඟ එකතු වී දත් හා දත් මුල් ආශ‍්‍රිතව ඝණකම් ස්ථරයන් සාදනු ලබයි. දිනපතා දත් මැදීමෙන් මේවා ඉවත්වන මුත් එසේ නොකලහොත් සෑදෙන ස්ථරය ඉතා ඝණකම් වන අතර සාමාන්‍ය ආකාරයට දත් මැදීමෙන් පවා ඉවත් නොවේ. එහි ඇති බැක්ටීරියා මඟින් දිගින් දිගටම දත් මුල් වලට හානිකරනු ලබයි.

දත් මුල් දියවීම ඇති වීමට වැඩි අවධානමක් ඇති අවස්ථා මොනවාද?

- දිනපතා දත් නොමැදීම.
- දුම්පානය
- දියවැඩියාව
- සමහර ඖෂධ වර්ග
-
කාන්තාවන්ගේ ශරීරයේ ඇතිවන හෝමෝන වල බලපෑම්
- ශරීරයේ ප‍්‍රතිශක්තිය හීන කරන රෝගී තත්වයන් (උදා: පිලිකා,AIDS)
-
පවුලේ ආරෙට යන අවස්ථා

දත් මුල් දියවීම මූලිකවම හඳුනාගන්නේ කෙසේද?

- මුඛයෙන් හමන දුගද (කට සෝදා දැමුවද එම දුගද ඉවත් නොවීම.)
- දත්මුල් රතු පැහැ ගැන්වී ඉදිමී තිබීම.
- දත්මුල් වල ඇතිවන වේදනාව.
- ආහාර සැපීමේදී දත්වල ඇතිවන වේදනාව.
- දත් බුරුල් වීම.
-
දත් වෙනදාට වඩා දිගැටි ස්වභාවයක් ගැනීම.

දත් මුල් දියවීමේ තත්වයක් සඳහා වෛද්‍යවරයා ප‍්‍රථිකාර කරනුයේ කෙසේද?

1. දත් මුල් වල බැදී ඇති කළු හා තද කොළ පැහැයෙන් යුත් බැක්ටීරියා සහිත ස්ථරය ඉවත් කිරීම.(මේ සඳහා වෛද්‍යවරයා වෙනම දත් පිරිසිදු කිරීමේ ක‍්‍රමයක් භාවිතා කරයි.)
2. ඖෂධ වර්ග ලබාදීම.
- මුඛය සේදීම සඳහා ඖෂධ සහිත ද්‍රාවන භාවිතය.
- ඖෂධ පෙති හෝ කරල් වශයෙන් ලබාදීම.
3. ඉහත සඳහන් ක‍්‍රම මඟින් යථා තත්වයට පත් නොවන අවස්ථාවලදී ඉතාම කලාතුරකින් ශල්‍යකර්මයක් කරනු ලබන අවස්ථා ඇත.

දත් මුල් දියවීම වලක්වා ගන්නේ කෙසේද ?

- දවසකට දෙවරක් දත් මැදීම.
- වසරකට දෙතුන් වතාවක්වත් දන්ත වෛද්‍යවරයෙකු ලවා දත් පරීක්‍ෂා කරවාගැනීම.
-
දුම්පානය නැවැත්වීම
-
දියවැඩියාව වැනි රෝගී තත්වලට නිසි ප‍්‍රථිකාර ගැනීම.
- නරක් වූ දත් ඇත්නම් ඊට අදාල ප‍්‍රථිකාර ගැනීම.

ලිපිය පළකල දිනය Article uploaded on: 23/03/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු