හර්නියා

හර්නියා යනුවෙන් හදුන්වන්නේ කුමක්ද ?

උදර බිත්තියේ ඇතුල් පැත්තේ ඇති තුනී පටලමය කොටසක්, උදරයේ දුර්වල ස්ථාන වලින් එලියට නෙරා ඒමක් මෙලෙස හැදින්වේ. එහිදී ඇතිවන පැසක් වැනි කොටස තුලට උදරයේ ඇතුලත ඇති බඩවැල් ආදියද තල්ලූවී තිබිය හැක.

මෙලෙස හර්නියා ඇතිවිය හැකි ස්ථාන මොනවාද ?

ප‍්‍රධාන වශයෙන්
උදරයේ පහලම හා ඉකිලි ප‍්‍රදේශය අතර ප‍්‍රදේශය (Inguinal hernia)
ඉකිලි ප‍්‍රදේශයේ (Femoral Hernia)
නාභිය ආශි‍්‍රතව (Umbilical Hernia)
උදරය කරන ලද ශල්‍යකර්මයකට පසු අදාල කැපුම යොදන ලද ස්ථානයේ මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැක (Incisional Hernia)

ආමාශය ආශි‍්‍රතව හර්නියා තත්ත්ව ඇතිවිය හැකිද ?

උදර කුහරය හා උරස් කුහරය වෙන්කරමින් පවකින මහා ප‍්‍රාචීරයේ ඇති කපාටමය සිදුරක් හරහා ආමාශය හා අන්නස්‍රොතය සම්බන්ධ වීම සිදුවේ. නමුත් මහා ප‍්‍රාචීරයේ එම අදාල කපාටයේ ව්‍යාකූල තත්ත්වයක් නිසා ආමාශය උරස් කුහරය වෙත නෙරා ඒම සිදුවිය හැක. Hiatal Hernia

ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

අදාල ප‍්‍රදේශයේ ඇතිවන නෙරා ඒමක් (ගෙඞ්යක ස්වරූපයෙන්)
අධික ලෙස මහන්සි වීම, බර එසවීම වැනි කාරනා වලදී එය විශාල වීම හා කැක්කුම ඇතිවීම
සමහර අවස්ථාවලදී එය වෘෂණ කෝෂ විශාල වීමක් දක්වා වර්ධනය වීම.(ඉකිලි ප‍්‍රදේශයේ ඇතිවන හර්නියා)

එම හර්නියාව තුලවූ බඩවැල් හිරවීමකට ලක් වුවහොත් ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

- එහි ඇතිවන දැඞ් වේදනාව.
- උදරය විශාල වීම. (පිපීම)
- මලපහ පිටනොවීම හා වමනය යාම.
- උණ ගැනීම.
- වෙනදා එම හර්නියාව උදරය තුලට තල්ලූකල හැකි වූවත් මෙවැන් අවස්ථාවලදී එසේ තල්ලූ කල නොහැකි වීම.

මෙවැනි හර්නියා තත්ත්ව සදහා ඇති ප‍්‍රතිකාර මොනවාද ?

ශල්‍යකර්මයක් මගින් හර්නියාව යථාතත්ත්වයට පත්කිරීමට ඇති හොදම ප‍්‍රතිකාර ක‍්‍රමයවේ.

මෙම ශල්‍යකර්මය සාමාන්‍යය ආකාරයට කැපුමක් යෙදීම මගින් හෝ කැමරා උපයෝගි කරගෙන (Laparoscopic hernia repair) කල හැක.

Laparoscopy ක‍්‍රමයට සිදුකිරීමේ ඇති වාසිය වනුයේ
- උදරයේ යොදනු ලබන කැපුම් ඉතා කුඩා වීම
- ඉක්මනින් නැවත සාමාන්‍යය ආකාරයට වැඩවල යෙදිය හැකි වීම.
- ශල්‍යකර්මයට පසු ඇති වේදනාව ඉතාම අල්ප වීම.

හර්නියා ඇතිවීමට හේතු මොනවාද ?

1. දීර්ඝකාලීනව ඇති මල බද්ධය හා මලපහ කිරීමේදී අධික ලෙස තැටමීම
2. එක දිගට පවතින කැස්ස
3. අධික ස්ථුලතාව
4. උදරයේ වතුර එකතුවීම (සිරෝසීස් තත්ත්ව වලදී)
5. අධික ලෙස බර එසවීම
6. දුම්පානය
7. මන්ද පෝෂණය

මේ සදහා කරනු ලබන ශල්‍යකර්මයකට පසුව වුවද නැවත ඇති විය හැකිද ?

ඉතාම කලාතුරකින් එම ස්ථානයෙන් නැවත ඇතිවීමට හැකියාව ඇත.

ලිපිය පළකල දිනය Article uploaded on: 29/03/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු