දත් දිරායාම

මෙහිදි ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

- දත් කැක්කුම
- ආහාර සපා කෑමේදී දත් හිරි වැටීම.
-
දත්වල කුහර ඇතිවී තිබීම හා අවපැහැ ගැන්වී තිබීම.
-
දත් ආශ‍්‍රිතව සැරව පිරී තිබීම. (විශේෂයෙන් දත්මුල් දියවීම වැනි අවස්ථා වලදී)
- තද හිසේ කැක්කුම

දන්ත වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ කුමන අවස්ථා වේදීද?

විටින් විට නිශ්චිත කාල රාමුවකදී දන්ත වෛද්‍ය වරයෙකු ලවා දත් පරීක්‍ෂා කරගැනීම, දත් දිරායාමට වලක්වාගැනීමට ඇති හොඳම ක‍්‍රමයයි. දත්වල කැක්කුම ඇතිවීමට ප‍්‍රථම එහි කුහර සෑදීමට පටන් ගන්නා අවස්ථාවේම අවම මට්ටමේ ප‍්‍රථිකාර මඟින් දත් යථා තත්වයට පත් කල හැක.
දත් වල වේදනාවක් හටගන්නේ නම් වහාම වෛද්‍යවරයා වෙත යෙමු විය යුතුය.

දත් දිරා යාමට හේතු මොනවාද?

- දත්වල මැලියම් බැදී තිබීම (බැක්ටීරියා සහිත අවපැහැගැන්වූ ස්ථර) හා එම මැලියම් තුල ඇති බැක්ටීරියා මඟින් නිපදවනු ලබන ඇසිඞ් වර්ග වලින් දත්වල මතුපිට සිදුරු ඇතිකරයි.

-
දත්වල පිහිටීම
නලදත් පිහිටීම ආහාර කැබැලි රැදීමට මෙන්ම බැක්ටීරියා වර්ධනයට හිතකර අවකාශ ඇතිකරයි.

-
සමහර ආහාර පාන වර්ග
දත්වලට තදින් බැදී සිටින ආහාර වර්ග (කිරි, අයිස් ක‍්‍රීම් වර්ග, සීනි වර්ග, පැනි වර්ග, ඝන ආහාර, සෝඩා වැනි පානීය ද්‍රව්‍ය)

- නිතර නිතර ආහාර පාන ගැනීම

- නින්දට පෙර කුඩා ළමුන්ට කිරි දීම(කිරි දීර්ඝ වේලාවක් දත්වල රැදී තිබීම නිසා දත් දිරායාමට මං පෑදේ)

- දත් හරියාකාරව නොමැදීම.

- මුඛය වියළි යාම (Dry mouth)

-
නිතර නිතර ආමාශයේ ඇසිඞ් උගුරට ඒම.

දත් දිරායාමේදී ඇතිවන ව්‍යාකූලතා කවරේද?

- කැක්කුම
- දත්වල කුහර තුල සැරව එකතුවීම
- දත් හැලීයාම හා කැඞීයාම
- ආහාර සැපීමේ අපහසුතාවය
- හිසේ කැක්කුම
- විෂබීජ ව්‍යාප්ත වී මුඛය ඉදිමීම
- ගෙල ආශ‍්‍රිතව ඇති කුද්දැටි ඉදිමීම හා සැරව එකතුවීම.

වෛද්‍යවරයා හමුවනතෙක් ඔබට ගතහැකි ක‍්‍රියාමාර්ග කවරේද?

- වේදනා නාශක ගැනීම.
- මුඛය හොඳින් පිරිසිදු කිරීම (වේදනාකාරී ස්ථානද ඇතුළුව)
- දත් මැදීම සඳහා මද උනුසුම් ජලය භාවිතා කිරීම.
- අධික උණුසුම්, සීතල හෝ අධික පැනිරස ආහාර පාන ගැනීමෙන් වැලකීම. (ඒවා මඟින් දත්වල කැක්කුම වැඩිකරයි.)

දිරාගිය දත් ඇතිනම් ඒ සඳහා ඇති ප‍්‍රථිකාර කවරේද?

- දත් පිරවීම (Filling)
කුහරය සෑදුනු කොටස ඉවත් කොට දතේ හැඩය ආරක්‍ෂාවන පරිදි එම කුහර කොටස පිරවීම.

-
දත් කොපුවක් යෙදීම (Crowns)
දතේ කොටස හොඳටම දිරාගොස් ඇත්නම් එම කොටස සම්පූර්ණයෙන් ඉවත්කොට දතේ හැඩයට පිළියෙල කල කොපුවක් දතට හයි කිරීම. මෙය රත‍්‍රං, පෝසිලේන් හෝ පෝසිලේන් හා යකඩ මිශ‍්‍රිත ද්‍රව්‍ය මගින් සාදනු ලබේ.

- Root canal procedure
දත හොඳටම දිරාගොස් එහි ඇතුළත ඇති පල්ප (Tooth pulp) කොටසටද හානිවී ඇත්නම් ඒවා සියල්ල ඉවත්කර පිරවීම මෙසේ හැඳින්වේ.

-
දත් ගැලවීම.

දත් දිරායාම වලක්වා ගන්නේ කෙසේද?

- දවසට දෙවරක් දත් මැදීම.
- නිතර මුඛය සෝදා හැරීම.
-
නිෂ්චිත කාල රාමු තුලදී දන්ත වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගැනීම.
-
දත් මැදීමේදී, ෆ්ලෝරයිඞ් සහිත දන්තාලේපයක් භාවිතා කිරීම.
- අධික උෂ්ණ, ශීත හා පැණිරස දේ ආහාරයට ගැනීම අඩු කිරීම .

ලිපිය පළකල දිනය Article uploaded on: 18/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු