හෘදය සම්භන්ධව ඇතිවන පපුවේ කැක්කුම

හෘදය සම්භන්ධව ඇතිවන පපුවේ කැක්කුම ඇතිවීමට හේතු මොනවාද?

1. හෘදයට රුධිරය සැපයීමේ දෝෂ ඇතිවීම පපුවේ කැක්කුම ඇතිවීමට බලපාන ප‍්‍රධානතම හා වැඩි අවධානමක් සහිත අවස්ථාවකි.

2.
හෘදයේ මාංශ පටක වලට රුධිරය හරියාකාරව ලගානොවීමට බලපාන සාධක වනුයේ,
කොලස්ටරෝල් වැනි දේ තැන්පත් වී රුධිරවාහිනි වල රුධිර ගමනාගමනයට බාධා පමුනුවයි. එබැවින් ක‍්‍රියාකාරී අවස්ථාවලදී හෘදයෙහි ක‍්‍රියාකාරිත්වයද වැඩිවිය යුතුමුත් හරියාකාරව අවශ්‍ය ප‍්‍රමාණයට රුධිරය ලඟා නොවීම නිසා කැක්කුම ඇතිවේ.

3. රුධිර කැටි හිරවීම.
4. හෘදයේ යම් හේතූන් මත සිදුවන එකවර හැකිලීම් නිසාද මෙය විය හැක.

5. රුධිර වාහිනී පුපුරා යාම.

මේ අතුරින් රුධිර කැටි හිරවීම හා පුපුරායාම නිසා ජීවිත තර්ජන පවා ඇතිවිය හැක. නමුත් අනෙකුත් අවස්ථාවලදී නැවත යථා තත්වයට ඉක්මනින් පත්වේ. පළමු කරුණ හා තුන්වන කරුණ පදනම්ව බොහොමයක් පපුවේ කැක්කුම් ඇතිවේ.

මෙවැනි පපුවේ කැක්කුමකදී වෛද්‍යවරයෙකු වෙත යොමුවන තෙක් පිළිපැඳිය යුතු කරුණු මොනවාද?

- කරමින් සිටි ක‍්‍රියාවලි සියල්ල නවත්වන්න. වාඩිවී සන්සුන්ව ටික වේලාවක් සිටින්න. බොහෝ විට කැක්කුම පහව යයි.
- නිදාගෙන සිටින විට ඇති වුයේ නම් ඇඳේ වාඩිවී ගැඹුර හුස්ම ගෙන පිටකරන්න.
- විනාඩි කිහිපයක දී එම කැක්කුම සමනය වීමක් නොවී නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වැදගත් වේ.
- මීට කලින් මෙවැනි අවස්ථා ඇතිවී ඇති අයෙකුට වෛද්‍යවරයා විසින් (GTN) දිව යට තියාගැනීමට පෙති නියම කර තිබිය හැක. එබැවින් මෙවැනි අවස්ථාවක එය දිව යට දියවී යන තෙක් තබාගන්න. කිසිම වේලාවක එය ගිලීම නොකල යුතුය.
- ආහාර පාන ගැනීම, දුම්බීම ආදියෙන් ඒ අවස්ථා වලදී වැලකිය යුතුය.

ලිපිය පළකල දිනය Article uploaded on: 24/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු